පහුවදා උදේ අට වෙනකොට ශාලිනීයි සස්මිතයි සූරියබණ්ඩාර වලව්වට ආවේ නැකත හොයාගන්න යන්න. කලින් දවසේ රෑ හක්ගෙඩිය නිඛිල් එයාගෙ ඔලුව ලඟින් තියාගෙන නිදාගත්තේ ඒක වෙන කොහෙවත් තියන්න එයාට හිත දුන්නෙ නැති නිසා.
ඉතින් එලිවෙනකොටම දෙව්හස් නිඛිල්වත් එක්කගෙන වලව්වෙ බුදු කුටියට ගියේ බුද්ධ පූජාව තියන්න. වෙනදට අංගම් පුහුණු වීම්වලට යන්න කලින් දෙව්හස් තනියම බුද්ධ පූජාව තිබ්බත් අද එයා නිඛිල්වත් එක්ක ගත්තේ අද එයාලා පිටත් වෙන්නෙ තීරණාත්මක ගමනක් නිසා. බුද්ධ පූජාවෙන් පස්සේ හක්ගෙඩිය අරන් නිඛිල්ගේ ඉනවටේ තද කරලා බැන්දේ ගැලවෙන්නෙ නැති වෙන්න කීප පාරක්ම ගැටේ තද කලාට පස්සෙ.
" හරි දැන් ඔය කියන විදිහට දෙව්හස් අයියටත් හක්ගෙඩිය පේනවා ? ඒ ඔයා භාරකාරයා නිසාද ? "
දෙව්හස් එයාට හක්ගෙඩිය පේනවා කීවට පස්සෙ ශාලිනී ඇහුවේ එච්චර ප්‍රියමනාප කටහඬකින් නම් නෙවෙයි. මේ උරුමේ හොයන් යන ගමනේදි නිඛිල්ට ප්‍රමුඛතාවෙ හම්බෙන එකට වගේම හැමවෙලේම මොකක් හරි නිසා දෙව්හස් - නිඛිල් දෙන්නාට විතරක් විශේෂ වෙන දේවල් සිද්ධ වෙන එකට ශාලිනී හිටියේ හිතේ අමාරුවෙන්.
එයාට ඕනෙ උනේ නිඛිල් ලවා ඉක්මනින් පලවෙනි පාරට උරුමේ දොරටුව විවෘත කරගන්න. මොකද පලවෙනි පාර දොරටුව විවෘත කලාට පස්සෙ උරුමය වෙන කෙනෙක්ට පවරන්න පුළුවන් කියන එක නිසා ශාලිනී දන්නවා එයාගේ සීයාගෙත් ප්ලෑන් එක ශාලිනීට උරුමේ පවරන එක කියලා. මේ වෙන ගොඩක් දේවල් ගැන එහෙමත් නැත්නම් තමන්ට වාසි දේවල් ගැන ශාලිනී හැමදේම රෝහණ දේවේන්ද්‍රට කීවත් ශාරදගේ එන්න එන්න වැඩිවෙන අසනීප තත්වෙ එක්ක රෝහණ හිටියේ ටිකක් කාර්‍යබහුල වෙලා. ඉතින් ඒකෙන් ශාලිනීට තව ටිකක් නිදහස ලැබුනත් සස්මිත නම් හිත යටින් ඒකට අකමැති උන. මොකද සස්මිත දන්නවා රෝහණ නිසා ශාලිනී දුක් විඳිනවා වගේම ශාලිනී ටිකක් හරි කන්ට්‍රෝල් වෙලා ඉන්නේ රෝහණ නිසා කියලා.
කොහොම හරි ශාලිනී අහපු දේට දෙව්හස් ඔව් කියලා ඔලුව වැනුවේ මොකක් හරි හේතුවකට එයාට හිතුනා ආත්ම බන්ධනය ගැන තාමත් ශාලිනීකට නොකියා ඉන්න එක හොඳයි කියලා. එක අතකින් ශාලිනී තමන්ට මෙච්‍චර ආදරේ කරද්දි මෙච්‍චර දේවල් කරද්දි මෙහෙම දෙයක් ගැන එකපාර කියලා එයාගෙ හිත කඩන්න මේ වෙලාවේ දෙව්හස්ට ඔනෙ උනේ නෑ. අනිත් එක මොන දේ උනත් ශාලිනී කියන්නෙ පොඩි කාලෙ ඉදන් එයාගෙ ලඟින්ම හිටපු කෙනෙක්. එයාට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. පහුගිය කාලෙ උනත් එයා නිඛිල්ගේයි අම්මගෙයි දේවල් නිසා සෑහෙන්න වැටිලා ඉන්නකොට එයාගෙ ලඟින්ම හිටියේ එයාව තේරුම් ගත්තේ ශාලිනී. ඉතින් එහෙම කෙනෙක්ට මේ වගේ වෙලාවක මේ දේවල් කියන්න දෙව්හස්ට හිත දුන්නෙ නෑ.
ESTÁS LEYENDO
ආර්‍යආත්ම ( Aaryathma )
No Ficción" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"