" දෙව්හස් මෙච්‍චර කල් අපි හොයපු දේ අභිශේක් හොයාගෙන. ඒකත් මීට සෑහෙන කාලෙකට කලින් !! "නිතින් දීපු කොලේ දිගෑරපු දෙව්හස් ඒක දිහා බලලා නිතින් දිහා බැලුවේ මේක මොක්කද කියන්න අහන්න වගේ.
" ඔයාලා කිව්වා ඔයාලා කඩදොර උරුමය ගැන විස්තර හොයාගෙන යතුරුගහලියද්දට ගියත් මුකුත් හම්බුනේ නෑ කියලා ? "
නිතින් අහපු දේට දෙව්හස් වගේම නිඛිලුත් ඔලුව වැනුවේ ඒකයි මේකයි අතරේ තියෙන සම්බන්ධයක් හිතාගන්න බැරුව.
( Art by - Dewneth Bandara )
" මේ චිත්‍රේ අභී දැකලා තියෙන්නේ ඒ පන්සලේ තිබිලා. කඩුව ගැන නම් මට ලොකු තේරුමක් නෑ. ඒත් ගින්දරයි වතුරයි දැක්කම ඔයාලට මුකුත් හිතෙන් නැද්ද ? "
නිතින් කියපු දේ එක්ක දෙන්නගෙම අවධානේ ආපහු ගියේ ඒ කඩදාසියට. කඩුවක් එක්ක එකට එකතු උන ගින්දරයි වතුරයි. කීවත් වගේ ඒක දැක්කම එයාලට මතක් උනේ එයාලගේ බලයන්. බැරි වෙලාවත් මේ චිත්‍රෙන් මොකක් හරි හින්ට් එකක්වත් දෙනවද කියන එක ඒ දෙන්නටම ඒ වෙලාවේ හිතුනා. ඒත් එක්කම ඒ දෙන්නා කල්පනා කලේ කඩදොර උරුමය ඒ ඉතිහාසය ගැන විස්තර සෑහෙන්න එකතු කරන් යතුගහලියද්දට ගිය එයාලට මඟෑරුන දෙයක් ඒ දවස්වල මේ ගැන මුකුත්ම නොදන්න අභිශේක්ට හම්බුනේ කොහොමද කියන එක.
" අභී මේක කොහෙන්ද ? මම අහන්නෙ මේ ඔයා ඇදපු එකක් නේ. මේක ඔයා දැක්කේ කොහෙන්ද ? අපි කොහෙන්වත් මේ වගේ එකක් දැක්කෙ නෑ නේ "
දෙව්හස් අභිශේක්ගෙන් මෙ චිත්‍රේ අග මුල ඇහුවේ මෙහෙම එකක් එයාලා යතුරුගහලියද්ද පන්සලේදි දැක්කෙ නෑ කියලා එයාට හොඳටම විශ්වාස නිසා.
ESTÁS LEYENDO
ආර්‍යආත්ම ( Aaryathma )
No Ficción" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"