දෙව්හස් වෙසල් එක ඩ්‍රයිව් කරන්න ගන්න කොට නිඛිල් පැසෙන්ජර් සීට් එකේ ඉදගත්තේ එයාට ඩ්‍රයිව් කරන්න දෙන්න කියල හෙන අඩව්වකුත් අල්ලලා. ඒත් නොදන්න පාරවල්, වංගු අස්සෙ එයාට ඩ්‍රයිව් කරන්න දීලා ඉක්මනින් මැරෙන්න බෑ කියල දෙව්හස් කියපු එකට උත්තරයක් විදිහට එයාගෙ අත්ගොබේක නිඛිල්ගේ දත් පාරවල් ටික වැදුනේ අනුරාධ දෙන්නගේ කෝලං බල බල හිනා වෙද්දි. ඒවා දකිද්දි එයාට මතක් උනේ එයයි ආධ්‍යයි පොඩි කාලෙ හිටපු විදිහ. ඒ දෙන්න ඈත් වෙන්න නිඛිල් වක්‍රාකාරයෙන් හරි හේතුවක් වෙනවා කියල කොච්චර අමතක කරන්න හැදුවත් මතක් වෙද්දි අනුරාධගේ මූනෙ හිනාව මැකිලා ගියේ කවද හරි එයාගෙ පුතාට නම් එහෙම දෙයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්. මොකද හැමෝම දෙව්හස් කියන්නෙ තද ගති තියෙන කෙනෙක් කියල කිව්වට එයාගෙ අප්ප්ච්චි විදිහට අනුරාධ දැනන් හිටියා දෙව්හස් කියන්නෙ එයාගෙ ලඟ අයට තදින් බැදෙන කෙනෙක් කියල.
එදා බයිසිකලේ එනකොට දැනුනට වඩා වෙනස් හැඟීමක්. ඒත් ඒකද හොද මේකද හොද කියල හිතාගන්න බැරි තරම් එකිනෙකට වෙනස් ඒත් එකකට එකක් දෙවෙනි නැති ලස්සන හැඟීමක් නිඛිල්ගේ හදවතට දැනුනා.
ගස් අතරින් ලාවට වැටෙන බහින ඉරඑලිය ගස්වල මුදුන් එකකට එකක් ගෑවිලා හැදිලා තියෙන වියන යටින් ගස්වල හෙවනැලි මැද්දෙන් කාත් කව්රුත් නැති පාලු පාරෙ යනකොට සම්පූර්ණයෙන් ඇරපු ජනේලෙන් එන සීතල හුලඟ නිඛිල්ව වෙනමම ලෝකෙකට අරන් ගියා. එයාට දැනුනේ එයා හරියට එයා පොඩිකාලෙ කියවපු ලෝරාගෙ කතාවක් ඇතුලෙ ඉන්නවා වගේ !!විනාඩි ගානක් ආපු දෙව්හස් කාර් එක බාගෙට හදන ගමන් තියෙන ගෙයක් ගාව නතර කලේ නිඛිලුත් දෙව්හස් දිහා පුදුමෙන් බලනකොට. මොකද එයාට කිසිම වලව්වක් තියා ඒ ලඟින් යන විදිහේ ගෙයක්වත් හොයාගන්න් බැරි උනා.
ESTÁS LEYENDO
ආර්‍යආත්ම ( Aaryathma )
No Ficción" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"