බෝනස් .. ( හත කියවල ඉන්න )
මේ කතා අස්සෙ නිඛිලුත් ටිකක් සන්සුන් වෙද්දි එයා එයාට තිබ්බෙ ලොකුම ප්‍රශ්නේ අන්තිමේ ඇහුවා.
" කඩදොර උරුමය කියන්නෙ මොකක්ද ඇත්තටම ? අපි ඒකට සම්බන්ධ වෙන්නෙ කොහොමද ? මාව පැටලිලා වගේ. කවෘහරි කියන්නකො "
නිඛිල්ගේ වද වුනු මූන දැක්කම දෙව්හස්ට තේරුනා මේ ගැන නිඛිල්ට කියන්න හොදම වෙලාව මේක කියල.
" අප්ප්ච්චි මටත් වඩා ඔයාලා මේක ගැන දන්නවා. මටත් ආපහු ඒවා මතක් වෙන්න අප්පච්චිට පුළුවන් ද ඔක්කොම කියන්න විස්තරේ මුල ඉදන්. "
දෙව්හස්ගේ ඉල්ලීමත් එක්ක හොද හුස්මක් ගත්ත අනුරාධ අන්තිමේ කතාව පටන් ගත්තා.
" මේ කතාව පටන් ගන්නෙ දුටුගැමුනු රජ්ජුරොවොන්ටත් කලින් සෑහෙන අතීතෙක ඉදන්. කඩදොර උරුමයක් ගැන වීරසූරිය පරම්පරාවට අයිතිය හරියටම ආවේ කොයි කාලෙද කියන්න කව්රුත් දන්නෙ නෑ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට කටකතාවත් එක්ක අර භාගෙට ලියවුනු පුස්කොලපොත් තමයි උරුම උනේ. කතාවට කියන්නෙ කඩදොර මොකක් හරි වටින දෙයක් තියෙනවා. ඒක ලබා ගන්න පුළුවන් හරි කාලය ආවම උරුමක්කාරයාට විතරයි. ඒ උරුමක්කාරයාව රැකගන්න බිහිවෙන භාරකරයා ඉපදෙන්නෙ වීර්සූරිය පරම්පරාවේ කියල. ඒත් ඒ උරුමය කොහෙද තියෙන්නෙ ඒක මොකක්ද ඊලගට භාරකරයා මොනාද කරන්න ඕනෙ කියල දන්නෙ නැති නිසා අපේ අය කලේ වලව්වෙ උරුමක්කාරයාට ඔක්කොම අංගම්, ඉලංගම්, ගුප්ත විද්‍යාව, ආත්ම බන්ධන, පාරම්පරික වෙදකම වගේ හැම දෙයක්ම උගන්නපු එක."
" ලොකුතාත්ති ඔයා කීවේ වීර්සූරිය කියල පරම්පරාවක් ගැන නේ. එතකොට සූරියබණ්ඩාරලා මේකට ගෑවුනේ කොහොමද ?"
වලව් පෙලපත් ගැන මුකුත්ම නොදන්න නිඛිල් අනුරාධ ඊලඟට කතාව පටන් ගන්න කලින් මැදින් පැනලා ඇහුවේ නැත්නම් එයා ඉස්සරහට කියන්න යන කතාව මුකුත් එයාට තේරෙන එකක් නෑ කියලා හිතුන නිසා.
" වීරසූරිය නැත්නම් වීසුරුගෙදර පරම්පරාව කියන්නෙ දුටුගැමුනු කුමාරයා හැංගිලා හිටපු ගෙදර අයගේ පරම්පරාව. ඒ කියන්නේ දුටුගැමුනු කුමාරයාගෙ අම්මා විහාරමහාදේවිගේ මාමාගෙ ගෙදර. ගොඩක් අය හිතුවට දුටුගැමුනු කුමාරයා ආවේ ඉබාගාතේ කියල. නෑ දුටුගැමුනු කුමාරයා ආවේ එයාගෙ අම්මාගේ මාමලගේ පවුලේ අය ඉන්න ගෙදරට. ඉතින් ඒ තමයි පලවෙනි පාරට ඉතිහාසේ වීරසූරිය පරම්පරාව ගැන කියවෙන තැන. ඊට කලින් ගැන ලොකු සදහනක් නෑ. කොහොම හරි ඒ වීරසූරිය පරම්පරාව ඔයාලගෙ සීයාඅප්පච්චිගෙත් අත්තාගෙන් ඉවර වෙනවා. මොකද එයාට ඉදල තියෙන්නෙ දුවෙකුයි පුතෙකුයි විතරයි. ඒ පුතත් අසනීප කෙනෙක්ලු. ලමයි ඉදල තියෙන්නෙ ඔයාගෙ සීයාඅප්පච්චිගෙ අම්මාට. සීයාඅප්පච්චිගෙ අම්මා බැන්දේ සූරියබණ්ඩාර වලව්වෙන්. ඒ නිසයි එතනින් එහාට සූරියබණ්ඩාර නම ආවෙ. "
ESTÁS LEYENDO
ආර්යආත්ම ( Aaryathma )
No Ficción" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"