විසිදෙවන දිගහැරුම

2.5K 409 66
                                    

දෙව්හස්ලා හිටපු ටේබල් එකේ එයාලා හතරදෙනයි සස්මිතයි ශාලිනීයි ඇරුනම තව හය දෙනෙක් හිටියා. මොකද ටේබල්ස් හදල තිබ්බෙ දොලොස් දෙනෙක්ට එකපාර ඉදගන්න පුලුවන් වෙන්න. ඉතින් මේ හයදෙනාට අමතරව තව අභිශේක්ගේ කසින්ලා දෙන්නෙකුයි එයාලගෙ යාලුවෙකුයි එයාලගේ පාට්නර්ස්ලා එක්ක මේ ටේබල් එකේම හිටියා. ඒ ඔක්කොමලා නිඛිල් ඇරුනම එක එක්කෙනාව හොදට අඳුරන්වා. නිතින් උනත් ඒ හිටපු කසින්ස්ලා දෙන්නවයි යාලුවයි දන්නවා. ඉතින් කට්ටිය කට්ටිය එයාලට අදාල මාතෘකා ගැන කතා වෙද්දි නිඛිල් හිටියේ දෙව්හස් එක්ක කතාවක. මොකද එයා කොච්චර කට්ටියව අද අඳුරගත්තත් එක පාර කතා බහ කරන්න තරම් එයාට ඒක කම්ෆටබල් උන් නෑ. ඉතින් ඒක දන්න දෙව්හස් උනත් එයාගෙ අවධානෙ නිඛිල්ට දුන්නෙ මේ දිහා බලාගෙන හිටපු ශාලිනීගෙ ඇස් තරහටම රතු වෙද්දි.

ටික වෙලාවකින් කපල් එක ඩාන්ස් ෆ්ලෝ එකට යද්දි එකා දෙන්නා ටේබල් වලින් නැගිටල ඩාන්ස් කරන්න ගියේ ගෑනු පිරිමි භේදෙකින් තොරව. මිනිස්සු හිතුවට නුවර අය ඔක්කොම සංස්කෘතිකයි සම්ප්‍රදායිකයි කියලා අලුත් පරම්පරාවේ නම් වැඩි හරියක්ම කලේ ඕක උල්ලංඝනය කරපු එක. හැම අතකින්ම. නුවර කියල මොකද ඇයි එයාලටත් නිදහසක් එපැයි. ඉතින් දෙව්හස්ලා හිටපු ටේබල් එකෙනුත් දෙන්නෙක් නැගිටල යද්දි දෙව්හසුත් නැගිටල නිඛිල් ගාව පාත් වෙලා අත දුන්නේ තමන්ගේ ටේබල් එකෙයි එහා ටේබල් එකෙයි කට්ටියගෙ චියර් එකයි අත්පුඩියි අස්සෙ. මොකද කොච්චර සහෝදරයෝ කියල කට්ටියට අඳුන්නලා දුන්නත් ඒ දෙන්නා අතරේ ඊට එහා ගිය දෙයක් තියෙනවා කියල එතන හිටපු භාගෙකටත් වඩා මේ වෙනකොට එයාලගෙ හැසිරීමෙන් තේරිලා තිබුනා. පෙනුමෙන් විතරක් නෙවෙයි හැම අතින්ම ඒ දෙන්නව ඕනෙවටත් වඩා එකිනෙකාට ගැලපෙද්දි ආපු ගොඩක් අයගේ අවධානේ මේ දෙන්නට ගියේ සමහර කෙල්ලො මේ දෙන්නා අද කිස් කරයි කියලා බෙට්ස් පවා දාද්දි. ඉතින් දෙව්හස් කරපු වැඩෙන් හැමෝගෙම අවධානෙ ආපහු ඒ දෙන්නට එද්දි නිඛිල් සුපුරුදු විදිහටම මූන රතු කරගත්තෙ ඒක දැකපු දෙව්හස්ගේ මූනෙත් ආදරණීය හිනාවක් ඇඳෙද්දි. තවත් එතන අවධානෙ ගන්න ඕනෙ නැති නිසා නිඛිල් ලැජ්ජාවෙන් උනත් දෙව්හස්ට එයාගෙ අත දීලා නැගිට්ටෙ ඩාන්සින් ෆ්ලෝ එකට යන නිඛිල්ගේ බඳ වටේ දෙව්හස්ගේ අත හරි පරිස්සමට එතෙද්දි.

ආර්‍යආත්ම ( Aaryathma )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ