පසුවදන

3.4K 459 329
                                    


( " එයත් කවියකි ප්‍රේමී .. " ආර්‍යාත්ම වෙනුවෙන් කෙරුන දෙවෙනි වගේම අවසානම සිංදුව. පුළුවන් හැමෝම අහල කමෙන්ට් කරලා ශෙයාර් කරලා සපෝට් එකක් දෙන්න. )

දෙව්හස්ගේ ඇඟිලි ගිටාර් එකේ තත් අතරේ යද්දි නිඛිල් කාලෙකට පස්සේ එයා වෙනුවෙන් අවදි උන එයාගේ ආතූගේ voice එකට ඇහුම්කන් දුන්නේ දෙව්හස්ගේ උරහිස උඩ ඔලුව තියාගෙන.

එදා දේවේන්ද්‍රගේ පහරින් කැඩිලා වැටුන, නිඛිල් ඉන්නෙ එයාලා ගාව කියලා ඔප්පු කරන්න සස්මිත දෙව්හස්ට ගෙනත් දීපු නිඛිල්ගේ නිල් ගලක් අල්ලපු බෙලි චේන් එක ඒ වෙද්දි ඇන්ක්ලට් එකක් විදිහට නිඛිල්ගේ වම් කකුලේ වලලුකර වටේට එතිලා තිබුනේ එයා ඒ වෙනකොටත් කෙනෙක්‍ට අයිති කියලා නොකියා කියන ගමන්.








" හෙට උදේ ෆ්ලයිට් එක. අපි පාන්දරින්ම පිටත් වෙනන බැලුවේ "

නිඛිල් වගේම දෙව්හසුත් ඉන්නේ සූරියකාන්ත මල් යාය ගාව කියලා දැකපු නිතින් අභිශේක්වත් එක්කන් එතනට ගිහින් එයාලා ගාවින්ම ඉඳගත්තේ ශාලිනීගේ සොහොනට ගිහින් ආපු සස්මිතවත් එක්කන් අනුත්තරත් එතනට එද්දි.

නිතින් එයාගෙ ෆෝන් එකෙන් flight reservation එකක් දානගමන් කිව්වෙ අභිශේක් දිහා බලන ගමන්. නිතින්ගේ එහා පැත්තෙම බිම ඉඳගෙන හිටපු අභිශේක් නිතින්ගේ කටහඬත් එක්ක ඒ දිහාවට හැරිලා අතපත ගාලා නිතින්ගේ ඔඩොක්කුවේ තිබුන නිතින්ගේ අත් දෙක උඩින් එයාගෙ අතක් තිබ්බේ නිතින්ගේ කම්මුල දිගේ රූටලා වැටුනු කඳුලු බිංඳුවක් ඒ අත් උඩට වැටෙද්දි.

" ජේඩ් ... සතියක් තිස්සෙ ඔයාට මම කියන්නෙ. දුක් වෙන්න එපා. ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. ඔයා ඒ වෙලාවේ කලේ ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. ඒකවත් තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක් නෙවෙයි මම. අනික ඔයා එලියට ආපු පමාවෙන්ම දෙව්හස් ඇවිත් මාවත් ගත්තා නේ. මාව blind උන එක.. හ්ම්ම්.. ඒක කොහෙත්ම ඔයාගේ වැරැද්දක් නෙවෙයි.... "

අභිශේක් කොහොම කීවත් මෙච්‍චර කල් තමන් දිහා බලද්දි දිලිසුන ඒ කෝපි පාට ඇස් දෙකේ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ හිස් බවක් විතරයි කියලා දකිද්දි නිතින්ට දැනුනේ එයා ගැනම තරහක්. කලකිරීමක් ! තමන්ගේ නංගී තමන්ගේ ඇස් ඉස්සරහම මැරෙද්දි තමන් ආදරේ කරපු කෙනාවවත් තමන්ට බේර ගන්න බැරිවෙද්දි නිතින් හිටියේ එයා ගැනම කලකිරීමෙන් !

ආර්‍යආත්ම ( Aaryathma )Donde viven las historias. Descúbrelo ahora