4 වෙනි කොටස - එකට එක කීම

103 23 0
                                    

ඒ තමන් කෝපි රැගෙන ගිය තරුණයායි. වටපිට නොබැලූ ඔහු, කාමරයට ඇතුල් වී කීත් සහ නේතන් මධ්‍යයේ මදක් පිටුපසට වන්නට සිය දෙඅත් පිටුසින් පටලවා, දෙකකුල් මදක් ඈත් කොට සිරුර ඍජුව සිට ගත්තේය. පුටුවේ වාඩිවී සිටින කීත් සිය හිස ඔසවා ඔහු දෙස බැලීය. සිහින් උසැති සිරුරය; තේජස පිරුණු නාසය උස්ය; ඍජුය. නළලට හිසකෙස් මදක් වැටී ඇත. ගෙල තෙක් වවා ඇති කොණ්ඩය අපිලිවෙලට කපා ඇති ආකාරයක් ඉසිලුවේය. ඔහු එක එල්ලේ අනිල් දෙස බලා සිටී.

"බිෂොප්!"

අනිල් උගුර පෑදුවේය.

"මේ ඉන්නේ කීත් එවන්ස්. අලුත් K10 ඒජන්ට්. අද ඉදන් මෙයා එක්ක partnership වැඩ කරන්න. එවන්ස්... මේ ඉන්නේ ඇලෙස්ටෙයාර් ට්‍රිස්ටන් බිෂොප් K4 ඒජන්ට්"

අනිල් පැවසූයේ තමා වාඩිසිටි පුටුවේ සිටම මේසයට බර වෙමින් ය.

කීත් වහා පුටුවෙන් නැගිට සිනාමුසු මුහුණින් තරුණයා වෙත සිය දකුනු අත දිගු කොට තමාව හදුන්වා දීමට පටන් ගත්තේය.

"හායි. කොහොමද ... මම කීත් එව....."

"මට වැඩක් නෑ!!!!!"

කීත්ට සිය වචන අවසන් කිරීමටත් පෙර ඇලෙක්ස් කීත් දෙසට වාග් ප්‍රහාරයක් එල්ල කලේ නපුරු කරගත් දෑසින් යුතුවයි. කීත්ගේ වචන පෙල අතරමග නැවතුන අතර, සිතට නැඟුණේ කේන්තියකි.

"බිෂොප්...!!!!"

අනිල් සිය දෑතින්ම මේසයට ගසමින් කේන්තියෙන් නැගී සිටියේය. අනිල්ගේ දෑතේ ප්‍රහාරයට ලක් වූ මේසය දෙදරුම් කෑ අතර මේසය මත තිබූ ඇමරිකානු ධජය සහිත පෑන් බහාලුම සෙලවී ගියේය.
අනිල්ගේ ගිගුරුමෙන් ඇලෙක්ස්ගේ වෙනසක් නොවිණි. ඔහු එක එල්ලේ අනිල් දෙස බලා සිටියේය.

"තමුසෙගේ ඔය හැසීරිම දැන්වත් නවත්තනවා. මෙතන වැඩ කරන්න ඕනා තමුසෙට ඕනා විදිහට නෙවෙයි කියලා දැනගන්නවා. ! අද ඉදන් තමුසෙගේ partner එවන්ස්"

අනිල් සිය දබර ඇගිල්ල දිගුකරමින් නොනවත්වා කතාකලේය.

"සර්....."

නේතන් ආයාචනාත්මක බැල්මකින් සහ කටහඩින් යුතුව අනිල් ඇමතුවේය.
තම සගයාට බැණ වදිනු දැකීමට නේතන්ට අවශ්‍ය නොවූ බව කීත්ට දැනුනි.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Where stories live. Discover now