49 වෙනි කොටස - පොරොන්දුව

261 18 23
                                    

ඇලෙක්ස් ඔහුගේ උපන්දිනයට පෙර දිනයේ මිය ගියේය..
වසර 6ක් ගතවී ඇතත් ඇලෙක්ස්ගේ මරණය තවමත් මාගේ සිතේ ඇදී ඇත්තේ ඊයේ දින වූ සිදුවීමක් හා සමානවය.
අදටත් මා හට ඔහු හමුවූ පලමු දින මතකයට නගා ගත හැක.

ඔහු K12 ඒකකය හා සම්බන්ධ වන විට ඔහුගේ වයස යන්තමින් 28 ලැබුවා පමණි. එවකට මා ඒකකය හා සම්බන්ධ වී වසර දෙකහාමාරක් පමණ විය. නපුරු මුහුණැති අපූරු තරුණයා පිළිබඳව මා හට ඇති වූයේ පහන් හැඟීමක් මෙන්ම කුතුහලයකි. ඇලෙක්ස් එවකට ඒකකයේ සිටි ලාබාලතම නිලධාරියා විය. ලාබාලතම වූවත් ඔහුගේ හැකියාවන් අසමසම විය. ඔහුත් සමග මා කල පලමු මෙහෙයුමේදි ඔහුගේ හැසිරීම මාගේ සිත තුල අතිශයින්ම ආඩම්බරයක් මෙන්ම එක්තරා ආකාරයක භීතියක්ද ඇති කළේය. ඔහු හා ඒකකයේ සිටි අන් අය සමග එතරම් සුහදත්වයක් නොතිබිනි. නමුත් සහයෝගයෙන් වැඩ කළේය. වැඩි කතාබහ නොමැති, තම කාමරයට වැදී නැතිනම් සෝෆාවේ වැතිරී තමාගේම ලෝකයේ සැරිසරනා ඇලෙක්ස් පිළිබඳව මා හිතේ ඇති වූයේ කුකුසක් පිරි ඇල්මකි. එම කාලයේදී ද සිය කලු කොණ්ඩය ගෙල ආසන්නයට වන්නට අපිලිවෙල ලෙසට වවාගෙන කුඩා පෝනිටේලයක් දමා සිටි ඇලෙක්ස්, ඒකකයේ සිටි ඔහුට වඩා වයසින් වැඩි සාමාජිකයන්ගේ දෝෂාරෝපණයට හසු විය. නමුත් ඔහු ඒවා නොඇසුනාක් මෙන් ඉවත දැමීය. අනිල් සහ කෝල්මන් ද නිරතුරුවම ඔහුගේ කොණ්ඩය කපා දැමීමට උත්සාහ කලද එය කිසි දිනක සාර්ථක වූයේ නැත. නමුත් මා ඔහුගේ කොණ්ඩය ප්‍රිය කලෙමි. එය ඔහුට අපූරු හිතුවක්කාර පෙනුමක් ගෙන දුනි. එය ඔහුගේ අනන්‍යතාවයකි.

ඔහුගේ ගුප්ත බව ඉදිරියේ බොහෝ දෙනා ඔහුගෙන් ඈත් වූවත් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස මා ඔහු සමග සමීප විය. ඒකකයේ අන් අයට ඔහුගේ ගතිගුණ නොරිස්සුවත් එය මාගේ සිතෙහි කිසිදු ඍණාත්මක හැඟීමක් ඇති නොකළේය. මා හට ඔහුව දැනුනේ කුඩා සහෝදරයෙක්, මිතුරෙක් වැනි හැඟීමකි. බොහෝවිට මා ආරක්ෂක විශ්ව විද්‍යාලයේදි මනෝ විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් හේතුවෙන් ඔහුගේ අමුතු හැසිරීම් වටහා ගන්නට එය මාහට රුකුලක් වන්නට ඇත. ඇලෙක්ස් ද ඒකකයේ සිටි අන් අයට වඩා මා සමග සමීපව කටයුතු කරන්නට විය. ඒකකයේ සිටි අන් අය ඇලෙක්ස්ගෙන් දුරස් වීම සදහා ඔහුගේ ගුප්ත ගතිගුණ මෙන්ම ඔහු අන් අයට වඩා ඉතා ළාබාල වීමද බලපාන්නට ඇති බවට මට දැනුනි. මක්නිසාද මා හා ඇලෙක්ස් හැර ඉතිරි සගයන් සියල්ලම ඒ වන විටත් ක්‍රමානුකූලව වයස 40 සීමාව ආසන්නයේ සිටි හෙයිනි. ඔවුන්ගෙන් හිස්වන පුරප්පාඩු සදහා පසු කාලීනව ස්ටෙෆාන්, තියෝ, කොලින්, එරික්, ගැවින්, ඩේමියන්, ලූකස්, ඕස්ටින්, ලෝගන් සහ අවසාන වශයෙන් කීත් එකතු විය. මා හට ලැබුණු හොඳම කණ්ඩායම වන්නේද ඔවුන් පිරිසයි.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ