27 වෙනි කොටස - වේදනාකාරී දෑස්

71 13 0
                                    


ඇලෙක්ස්ගේ දෙතොලේ රැදී තිබුනේ කුරිරු සිනහවකි! ඔහු මහ හඩින් කුරිරු ලෙස සිනාසුනේය...

ඔහු සිටියේ ටැංකියක් බදු කිරිගරුඬ නාන බේසම තුල බැසගෙනය;
නාන බේසමේ ජල කරාමයෙන් නොනවත්වා ජලය ගලා යයි...
ගලා යන ජලය නාන බේසමෙන් පිටතට උතුරා යයි...
ඇලෙක්ස් එහි ඉණවටක් තෙක් ගිලී සිටියේය;
ඔහුගේ එක් අතක වූයේ මද්‍යසාර බෝතලයකි...
අනෙක් අතෙහි සිගරැට්ටුවකි...

නාන කාමරය මැද මහා ගිනි ජාලාවකි!
පිලිස්සෙන්නේ මොනවා දැයි කීත් හට නිනව්වක් නොමැත...
ගින්න මග හැර කීත් වේගයෙන් දිව ගියේ ඇලෙක්ස් වෙතටයි!

"ඇලෙක්ස්..! ඇලෙක්ස් ..! මොකක්ද යකෝ මේ වෙන්නේ? මොකක්ද උඹ මේ කරන්නේ යකෝ...??!!"

සිය දෑතින්ම ඇලෙක්ස්ගේ මුහුණ අල්ලාගෙන කීත් කෑගැසුවේ බියාන්තර සිතින් ය.
තවත් මහ හඩින් සිනාසෙනවා හැර ඇලෙක්ස් වෙන කිසිදු ප්‍රතිචාරයක් දුන්නේ නැත.

"උඹට පිස්සු හැදිලාද ඇලෙක්ස් ....?!"

කීත් වහා දිව ගියේ නාන කාමරයේ වූ වතුර මල දෙසටයි. එහි නොයෙක් ආකාරයෙන් වූ වතුර මල් විය. දිගු බටයක් සහිත වතුර මල ඇදගෙන ගින්න නිවීමට කීත් උත්සාහ කලද එහි බටය දිගු නොවීම හේතුවෙන් ඔහුගේ වෑයම නිශ්ඵල විය. වහා එය අතහැර දැමූ කීත්, නාන කාමරයේ වූ මුහුණ සෝදන බේසම් දෙකටම වතුර පිරවීය. හීයක වේගයෙන් මුලුතැන්ගෙට දිව ගිය ඔහු එහි තිබූ විශාල භාජනයක් ගෙන නැවත නානකාරමයට දිව ආවේය. සිය සියලුම උත්සාහය යොදා මුහුණ දොවන බේසමේ වූ ජලය භාජනයට රැගෙන ගින්න මතට දමා ගැසුවේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය.! කෙමින් කෙමින් ගින්න නිවී ගියේය.

නිවී ගිය ගින්න දෙස බලා සිටි කීත් සැනසුම් සුසුමක් හෙලුවේය. ඔහු දහඩියෙන් පෙගී තිබුනේ ගින්නෙන් වූ රස්නය සහ හිතෙහි ඇති වූ භීතියද සමගයි. නිවුනු අළුමත තරමක විසල් ඡායාරූපයක් සහ රෙදි කිහිපයක් පමණක් හැඳින ගැනීමට කීත්ට හැකිවිය. ඡායාරූපයෙහි පිලිස්සී ඉතිරිව තිබූ කැබැලි අනුව එහි කුඩා දරුවෙක් සිටි බවට ඔහු දුටුවේය.

ඇලෙක්ස් තවමත් සිනාසෙමින් සිටියේය. ඔහුගේ සිනහාව නානකාරමය පුරා දෝංකාර දුනි; වියරුවෙන්; උමතුවෙන්....

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)حيث تعيش القصص. اكتشف الآن