42 වෙනි කොටස - ආත්මාර්ථකාමීකම

92 14 1
                                    

එදින රාත්‍රියේ නොනිදාගත් කීත් පාන්දරම පිටත් වූයේ තම ඒකකය වෙතටයි. උදෑසන පුහුණුවීම් සදහා යාමට තරම් ඔහුට සිතක් නොවුනි. ඒකකය වෙත යන විට කොලින් සහ එරික් ඔවුන්ගේ රාත්‍රි රාජකාරි කරමින් එහි රැදී සිටියේය.

"අඩෝ කීත්... මෙච්චර උදෙන් මොකද..? ගුඩ් මෝර්නින්.."

එරික් පැවසුවේ භාගෙට දෑස් අරිමිනි.

"ගුඩ් මෝර්නින් මචං"

කීත් උදාසීන ලෙස පිළිතුරු දුන්නේය.

"උඹයි ඩේමියනුයි අද පාන්දරම කොහෙ හරි යනවද?"

කොලින් ඇසුවේ පොදු කාමරයේ කෙරවළෙහි වූ සෝෆාව මත සිටය.

"නෑ බං.. "

"උඹ වෙන කොහෙ හරි යනවද?"

"ඒත් නෑ"

"එහෙනම් උඹ යුනිට් එකේ ඉදහන්.. මමයි කොලිනුයි දැන් ඕෆ් වෙන්නම්.. පට්ට මහන්සියි බං.. මේ දවස් ටිකේ ගොඩක් මහන්සි උනා."

එරික් කීවේ තම ලිපිගොනු ටික එක්කාසු කරගනිමි.

"ප්‍රශ්නයක් නෑ. උඹලා පලයල්ලා.. මං ඉන්නම්"

කීත්ට සමුදුන් එරික් සහ කොලින් පොදු කාමරයෙන් පිටවී ගියහ. පොදු කාමරය තුල තනිවූ කීත් පුටුවක් මත වාඩිවී සිය හිස පොදු මේසය මත තබාගෙන කල්පනා කරන්නට වූයේ පෙරදින රාත්‍රියේ සිදුවූ දේ පිළිබඳවය.

තමා ඇලෙක්ස් හට ආලය කරන බව ඔහු හොදින් දනී..
ඔහුගේ සිතේද තමා කෙරෙහි හැඟීමක් ඇති බවට කීත් හට හොඳින්ම විශ්වාසය...
එසේ නොමැතිනම් කිසි දිනක ඇලෙක්ස් ඔහුව ස්පර්ශය කිරීමට සහ සිප ගැනීමට කීත්ට ඉඩ දෙන්නේ නැත..
ඔහු තමාගේ ස්පර්ශය වලට ආශා කලේය..
ඒවාට ප්‍රතිචාරය දැක්වූවේය..
තමා මෙන්ම පිබිදීමකට ඔහුද ලක් විය..
ඊයේ දින සිපගැනීම පමණක් නොව..
ඇක්වා ෂෝර් නිවසේදි වූ සිපගැනීම...
සනීහිල් නිවසේ කීත්ගේ ක්ෂණික සිපගැනීම ..
එහෙත් ඊයේ රාත්‍රියේ ඔහු එක් සීමාවකට පමණක් ස්පර්ශයන් පවත්වා ගැනීමට උත්සාහ කළේය..
උඩුකය පමණි..
යටිකය තහනම් ය...
නමුත් ඊයේ රාත්‍රියේ ඇලෙක්ස් ද ලිංගික වශයෙන් පිබිදීමකට ලක් වූ බව තමාගේ සිරුරට හොදින් දැනුනි..
එසේ නම් තමා කෙරෙහි ඔහුට ලිංගික හැඟීම් ඇත..
තමාට ඔහුව ලිංගික වශයෙන් පුබුදු කල හැක..
එය ඇක්වා ෂෝර් නිවසේදී ද සිදුවූවා දැයි කීත් හට නිශ්චිත නැත..
නමුත් ඇක්වා ෂෝර් නිවසේ දි කීත් පිබිදුනේය..
ඔවුන් දෙදෙනාට එදින ප්‍රහාරයක් එල්ල නොවුනේ නම් එදින බොහෝවිට ඇලෙක්ස් ද පිබිදෙනු ඇත..
එසේ වූවා නම් එදින බොහෝවිට..
නැත ...
එසේ වූවා නම් ඇලෙක්ස් එදිනද ඊයේ රාත්‍රියේ මෙන් කීත්ව ප්‍රතික්ෂේප කරනු ඇත...
ඇලෙක්ස්ගේ ප්‍රතික්ෂේප කිරීම ඔහුට දැනුනේ තමාට ඔහුව නැවත අහිමි වූවාක් මෙනි..
ඊයේ දින සිදුවීමෙන් පසු ඇලෙක්ස් තමාව පිළිකුල් කරාවිද...

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Donde viven las historias. Descúbrelo ahora