ඒ ඇලෙක්ස් ය..
වෙඩි හඬ නිකුත් වූයේ ඇලෙක්ස්ගේ රිවෝල්වරයෙන්ය..
සියල්ල සිදු වූයේ තත්පර කිහිපයක් ඇතුළතය..
කීත්ව ඉවතට පෙරළා දැමූ ඇලෙක්ස් සිය බඳෙහි රුවාගෙන තිබූ රිවෝල්වරය ගෙන බිම සිටම දොර දෙසට වෙඩි තැබීය..
ඔහුගේ රිවෝල්වරයේ වෙඩි හඬත් සමග ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෙඩි වරුසාවක හඬක් කීත්ට ඇසුනි..
වහා වාඩිවි සිටි තැනින් නැගිට ගත් ඇලෙක්ස් තම රිවෝල්වරයෙන් වෙඩි තබමින් ඉදිරියට යන්නට විය..
සිදු වූයේ කුමක්ද සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමටවත් කීත් හට කාලයක් නොතිබුණු අතර වෙඩි හඬ වර්ෂාව මධ්‍යයේ කීත් තම ඉණ අතගා බැලුවේ තම රිවෝල්වරය සඳහාය. නමුත් තම රිවෝල්වරය තම ඉණේ නොතිබුණේය. එය කෑම මේසය මතය. කුමන හේතුවක් මත තමා එය ගලවා කෑම මේසය මත තැබුවාදැයි කීත් හට මතකයක් නැත..හිස ඔසවා බැලූ කීත් දුටුවේ ඉදිරි දොරටුව තුළින් නිවස ඇතුලට පැමිණෙන මුහුණ වසාගත් ආයුධ සන්නද්ධ මිනිසුන් කිහිපදෙනෙකි. කීදෙනෙක් එහි සිටියාදැයි කීත් හට නිශ්චිත නැත. ඇලෙක්ස් සිටියේ ඔවුන්ට ප්‍රහාර එල්ල කරමිනි. ඇලෙක්ස්ගේ වෙඩි ප්‍රහාර මධ්‍යයේ වෙඩි කෑ සමහරු බිම ඇද වැටුණහ. ඇලෙක්ස්ගේ මුහුණේ තිබුණේ අතිශයින්ම බියකරු මිනීමරු පෙනුමකි. බිම දිගේ පෙරළී වහා පුටු අතරින් රිංගා ගිය කීත් එකවරම කෑම මේසෙ අසලට පැන එමත තිබූ තම රිවෝල්වරය ඩැහැගත්තේය.
"කාපිය බැල්ලිගේ පුතාලා!"
ඇලෙක්ස්ට සහාය වෙමින් කීත් තම රිවෝලවරයෙන් එක පිට එක වෙඩි තබන්නට පටන් ගත්තේය. දෙපාර්ශවයේම වෙඩි උණ්ඩ වැදී ඇක්වා ෂෝර්හි බිත්ති සහ ගෘහ භාණ්ඩ කුඩු වී ගියේය. කීත් සිතුවේ ඔවුන්ට පහර දීමට පැමිණ ඇත්තේ මෙම පිරිස පමණක් කියාය. නමුත් ඇලෙක්ස්ගේ සහ කීත්ගේ රිවෝල්වරයෙන් නිකුත්වන වෙඩි කා ඇද වැටෙන එකා ගානේ, තවත් මිනිසුන් නිවස තුළට ආවේය. පුටු අතරේ සැඟවෙමින් තමාට ද ආරක්ෂාව සපයා ගනිමින් කීත් එක දිගට තම රිවෝල්වරයෙන් වෙඩි තැබීය. ඊළඟ මොහොතේ කීත් දුටුවේ සිය රිවෝල්වරය පැත්තකට විසිකර දමා ඉදිරියට පැන මාෂල් ආර්ට්ස් සටන් ක්‍රමය පාවිච්චි කොට ප්‍රහාර එල්ල කරන ඇලෙක්ස් ය. බොහෝ විට ඔහුගේ රිවෝල්වරයේ උණ්ඩ අවසන් වී ඇත.
BẠN ĐANG ĐỌC
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fanfictionමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...