"අද නයිට් ඩියුටි කාටද තියෙන්නේ ..?"
තියෝ ඇසුවේ තමාගේ නිකට දෙසට තරම් උස වූ ලිපිගොනු ගොන්නක් දෑතින් ගෙන පොදු කාමරය හරහා නේතන්ගේ කාමරයට යන අතරේය.
"අද ඇලෙක්සුයි ස්ටෙෆානුයි ඉන්නේ"
එරික් කීවේ තම නාසය කසමිනි. ඔහු දින දෙකක් පුරා සෙම්ප්රතිශ්යාවෙන් පසුවූවේය.
"දෙන්නාටම තිබ්බාට ස්ටෙෆාන් විතරයි ඩියුටි ඉන්නේ. ඇලෙක්ස් කවදාද බන් ඉතින් නයිට් ඩියුටි හිටියේ.."
ඕස්ටින් කීවේ පොදුකාමරය බිම මත වාඩි වී සිය පිටුපස බිත්තිය මතට හේත්තු කරගෙනය.
"අර ගෙම්බාට ඇහෙන්න ඕක කියන්න එපා බන්"
ඩේමියන් කීවේ ඕස්ටින් හට කඩදාසි ගුලියකින් ගසමින් ය.
"හෙට තියෙන්නේ මටයි කොලින්ටයි"
එරික් කීවේ කෑසිම නිසා රතු වූ නාසය සෙමින් පිරිමදිනි.
"හෙම්බිරිස්සාව හදාගෙන රෑට නයිට් ඩියුටි කරන්න එපා බන්. හෙට උඹ ඩොම් එකට පලයන් මම ඩියුටි ඉන්නම්"
අසල හුන් කොලින් එසේ එරික්ව සැනසීය.
කීත් හට රාත්‍රී රාජකාරිය වැටී තිබුනේ සිය නව සගයා වන ඩේමියන් සමගය. ඔහු සමග රාත්‍රිය ගත කිරීම අපහසුය. රාත්‍රීය පුරා ඔහු දොඩවන්නෙ කාන්තාවන් ගැනය; ඔහු ඇසුරු කල කාන්තාවන්ගේ වතගොත ය; අන් අයගේ කාන්තාවන් සහ ඇසුරු කිරීම් පිළිබඳවය. කීත් හට මෙය අතිශයෙන්ම හිසරදයක් විය. එහෙත් විකල්පයක් තිබුනේ නැත.
Abbony හෝටලයේ තමා හා ඇලෙක්ස් අතර වචන හුවමාරුව සිදුවී මේ වන විට මාස දෙකකට ආසන්න ය. එහෙත් ඇලෙක්ස් මේ වනතුරු කීත්ගේ මුහුණවත් බැලුවේ නැත. කීත් හට ඔහු සමග කතාබහ කිරීමේ දැඩි උවමනාවක් තිබුනි. තම සම්පූර්ණ පාපොච්චාරණය ඔහු වෙත මුදාහැරීමට කීත්ට දැඩි ලෙස අවශ්‍යය. එහෙත් ඇලෙක්ස් සමග තනිවම කතාබහ කිරීමට මේ වෙනතෙක් ඔහුට අවස්ථාවක් ලැබුනේ නැත. රාජකාරි නොමැති සෑම අවස්ථාවකම ඔහු සිටියේ නේතන් සමග හෝ ස්ටෙෆාන් සමගය; නැත්නම් කොහේ හෝ අතුරුදහන් වීය.
රාජකාරි අවසන් වී සියලුම දෙනා රාත්‍රී නවය පමණ වන විට ඒකකයෙන් පිටවී ගියහ. ස්ටෙෆාන් තවමත් ඔහුගේ K3 කාමරය තුල රැදී සිටියේ එදිනට නියමිත රාත්‍රී රාජකාරි සඳහාය.
ස්ටෙෆාන් අද දින තනිව රාත්‍රී රාජකාරි කරන හෙයින් ඇලෙක්ස් අද දින Indigo Terrace හි තනිවම ඇත..
තමාට ඇලෙක්ස් සමග කතාබහ කිරීමට සුදුසු දවස අදයි..
ඔහු තමාව පන්නා දැමුවත් අද දින තමාගේ සම්පූර්ණ පාපොච්චාරණය සිදුකල යුතුය..
ඔහු තමාට නැවත පහර දුන්නාට කම් නැත...
තමා එයට සුදුසුය..
එහෙත් අඩුම වශයෙන් ඔහු සමග අද හෝ කතාකල යුතුය..
YOU ARE READING
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fanfictionමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...