ඇලෙක්ස්ගේ වචන සැබෑ කරමින් දින දෙක තුනක් ගතවන තුරු ස්ටෙෆාන් හට කෙලින් සිටීමටවත් නොහැකි විය. ඔහු කෝල්මන්ගේ දැඩි දෝශාරෝපණයට ලක් වූ අතර දවසේ බොහෝ වේලාවක් රැදී සිටියේ ඒකකයේ විවේකාගාරයේ වූ තම නිදන ඇද මතය. ඔහු හට රාජකාරි ලබා නොදීමට අනිල් කටයුතු කල අතර, ස්ටෙෆාන්ගේ රාජකාරි ද ඇලෙක්ස් විසින් භාරගත්තේය. ස්ටෙෆාන්ගේ රාජකාරි සදහා තම මහන්සිය යෙදවීමට කීත් අකමැති වූවද ඇලෙක්ස් වෙනුවෙන් ඔහු එය ඉවසාගෙන සිටියේය. කෝල්මන්ගේ පමණක් නොව ඇලෙක්ස්ගේ දෝශාරෝපණය ද ස්ටෙෆාන් හට නොඅඩුව ලැබුණි. දකින දකින වාරයක් පාසා ස්ටෙෆාන් හට බැනවැදීමට ඇලෙක්ස් අමතක නොකලේය.
"හොද වැඩේ තොට! තව සතියක්වත් නැගිටින්න බැරි වෙන්න පොවන්න තිබ්බේ!.... දෙන්න හිතෙන්නේ පයින්...! හරකා!"
මත්පැන් හේතුවෙන් ඇතිවෙන හිසේ කැක්කුම මදිවට ඇලෙක්ස්ගේ බැනුම් හේතුවෙන් ඇතිවන හිසේ කැක්කුම ද දරාගත නොහැකි ස්ටෙෆාන් හිස අල්ලාගෙන ඇලෙක්ස් සමග දබර උනේය.
"වහපන් ඇලෙක්ස් තොගේ ගොබ්බ කට! තෝ නිසා මගේ ඔලුවේ කැක්කුමත් වැඩිවෙනවා..!!"
සිය රත්රන් හිසකේ දෑතින් ඇදගනිමින් ස්ටෙෆාන් මොරදුන්නේය.
"ඔලුව ගලවලා දෙන්න හිතේ අතට! මිරික මිරික ඉන්න..! බොට ඔලුවක් කියලා ඇටයක්වත් තිබ්බා නම් දැනගන්න තිබ්බා තමුන්ගේ තරමට බොන්න..!"
"ඇලෙක්ස් දැන් ඔය ඇති... "
නේතන් කීවේ ඇලෙක්ස්ගේ අතින් අදිමිනි.
"නෑනේ... තොට බෝතලයක් දැක්කම ඉතියෝපියාවට පාන් දැම්මා වගේ කටේ හලාගෙන යනවා!"
ඇලෙක්ස් කීවේ දත්මිටි කමිනි.
"කණමදයා වගේ බොනවා මදිවට බීලා හෙළු මරගාතේ නටන හැටි..! තව ටික වෙලාවක් හිටියා නම් තෝ ස්ටේජ් එක උඩ ජංගියත් ගලවනවා..!"
"ඇලෙක්ස් දැන් ඇති..! ඕක නවත්තපන් බන්.. දැන් ඒක ඉවරයිනේ.!"
ඇලෙක්ස්ගේ කෝපය පාලනය කිරීමට නේතන් මහත් පරිශ්රමයක් දැරීය.
"ඇට වල්ලත් හොලව හොලව නටපු හැටි.! ශික්.! දෙන්න හිතේ තොට පයින්..!"
![](https://img.wattpad.com/cover/366558649-288-k684650.jpg)
KAMU SEDANG MEMBACA
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fiksi Penggemarමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...