18 වෙනි කොටස - උපන්දින තෑග්ග

126 26 10
                                    

කොට කලිසමක් හැදි ඩේමියන් එකවරම කීත්ගේ ඇගට පැන්නේය; හැඩිදැඩි ඩේමියන්ගේ බරත් සමග කීත්, දියෙහි ගිල්වූ වැලි ගෝනියක් මෙන් වතුර යට ගිලුණි. නැවත වතුරෙන් උඩට මතු වූ කීත්, ඩේමියන් පිටුපසින් පිහිනා ගියේය.

"ඒවා ඔට්ටු නෑ කීත් ...!"

ඩේමියන් සිනාසෙමින් කීත්ගේ ප්‍රහාරයෙන් බේරීම සදහා නේතන් සිටි ස්ථානයට පිහිනා ගියේය. නේතන් පිටුපස සැගවී සිටි ඩේමියන් අල්ලා ගැනීමට කීත් නැවත වතුර යටට ගිලී ගියේය. නමුත් ඩේමියන් ක්ෂණිකව ක්‍රියාත්මක වී නේතන්ගේ පිටුපස සැගවී නොසිට නැවත ගැඹුරු ජලය දෙසට පිහිනා ගියේය. වහා ජලයෙන් හිස ඔසවා හුස්මක් ලබා ගත් කීත් නැවතත් ජලය යටට කිමිදී ගියේ ඩේමියන් අල්ලා ගැනීම උදෙසාය. ජලය යට කිමිදුන කීත් හට ඈතින් පිහිනනා ඩේමියන් දිස්වූවත්, කීත්ගේ අවදානය එකවරම සොරාගත්තේ ඔහුගේ දකුණු පසින් ජලය යට කිමිදී පිහිනනා තරුණයා වෙතයි.

කලු කොට කලිසමක් සහ විනිවිද පෙනෙනා දෑස් ආවරණයක් පැළඳ සිටි ඇලෙක්ස්, කීත්ගේ දකුණු පසින් ජලය තුල සැහැල්ලුවෙන් කිමිදෙමින් පිහිනා ගියේය. ඔහුගේ දිගු කෙස් කලඹ ජලජ පැලෑටි මෙන් සාගර ජලයේ සෞම්‍ය ලෙස රඟ දුනි. ඔහුගේ සිහින් කෙසඟ දිගු නිරුවත් උඩුකය සාගර පතුලේ වූ සිහින් වැල්ල සහ ජලය හරහා සාගර පතුල සිපගන්නා හිරුඑලිය හේතුවෙන් දිස්නය දෙන කහ මිශ්‍ර සුදු පැහැ මුතු ඇටයක් මෙන් දිස් වුණි. කීත් හට එකවරම මතක් වූයේ තමා කුඩා කාලයේදි කියවූ කිදුරු කොදෙව්ව නැමති ළමා කතාවයි. එහි වූ කිදුරෙකු මෙන් ඇලෙක්ස් සැහැල්ලුවෙන් පාවී යන ආකාරයට පිහිනා ගියේය. කීත් හට ඩේමියන් අමතක වී ගියේය. මද වේලාවක් ඔහු දෙස බලා සිටි කීත් නැවත ජලය මතට පැමිණියේ හුස්ම හිරවී මිය යාමට මත්තෙන් ය.

ඔවුන් සිටියේ මියාමි වල ක්‍රැන්ඩන් වෙරල තීරයෙයි. ඇලෙක්ස්ගේ උපන්දිනය වෙනුවෙන් ස්ටෙෆාන් විසින් මියාමිහි සතිඅන්ත නිවාඩුවක් සූදානම් කර තිබුනි. ඒකකයේ සියලුම දෙනා සහ අනිල් ද ඇතුලුව මෙම ගමන සංවිධානය කර තිබුනද, කෝල්මන්ගේ ගෝරනාඩු මධ්‍යයේ අනිල් සමග ලූකස්, ගැවින්, කොලින් සහ එරික් හට Hoover ගොඩනැගිල්ලේ රැදී සිටීමට සිදුවිය. එම නිසා ස්ටෙෆාන් විසින් සංවිධානය කර තිබූ මියාමි ගමනට එකතු වුයේ තරුණයන් අට දෙනෙකු පමණි.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Onde histórias criam vida. Descubra agora