34 වෙනි කොටස - සිතාඩෙල් ආර්ච්

73 15 0
                                    

ඇලෙක්ස්ගේ සෞඛ්‍ය තත්වය වේගයෙන් සුව අතට හැරෙමින් තිබීම කීත්ගේ මෙන්ම ඒකකයේ සියල්ලගේම නොමද සතුටට හේතු විය. එයට වෛද්‍යවරුන්ගේ දක්ශතාවය මෙන්ම ඇලෙක්ස්ගේ චිත්ත ශක්තියද දායකත්වය ඇතිබව කීත් දැනසිටියේය. ඇලෙක්ස් යනු අසනීපයෙකදී වූවත් එක තැනක නවත්වාගෙන සිටිය හැකි පුද්ගලයෙකු නොවේ. ඔහුගේ දකුණු කකුල කෙරෙහි ෆිසියෝතෙරෙපි සහ අනිකුත් ක්‍රියාකරකම් ඔහු දැඩි කැපවීමෙන් කලේය. මුල් දින කිහිපයේ රෝද පුටුව ආධාරයෙන් රෝහල තුල සැරිසැරූ ඇලෙක්ස්, ඊට දින කිහිපයකට පසු රෝද පුටුව විසිකර දමා අත්වාරු සමග තනිවම රෝහල තුල සැරිසරන්නට වුයේ වෛද්‍ය හෙද කාර්‍යාලයේ සහ ඒකක සගයන්ගේ බැනුම් මධ්‍යයේය. එහෙත් සුපුරුදු පරිදි ඇලෙක්ස් ඒවා ගණන් ගත්තේ නැත. කෙනෙකුගේ ඇණුම් බැනුම් ඔහුට කණ අසලින්වත් ගමන් කරන්නෙ නැත. ඔහු කරන්නේ ඔහුට අවශ්‍ය දේ පමණි.

"බිෂොප්..! තමුසෙගේ වීල් චෙයාර් එක කෝ..?"

මෙතෙක් දිනක් රෝද පුටුවෙන් ඔබමොබ සැරිසැරූ ඇලෙක්ස්, එකවරම අත්වාරුවෙන් සැරිසරනු දුටු අනිල් ප්‍රශ්න කලේය. කීත් සිටියේ ගැවින් සහ එරික් සමග ඇලෙක්ස්ගේ කාමරය නුදුරින් වූ රෝහල් දැන්වීම් පුවරුව අසලය.

"මට ඒක ඕනේ නෑ..!"

මුරණ්ඩු ලෙස ඇලෙක්ස් පිළිතුරු දුන්නේ ය.

"ඕනේ නෑ කිව්වේ..? මං දන්න තරමින් තමුසෙට ක්ලචර්ස් පාවිච්චි කරන්න තාම කිසිම සර්ජන් කෙනෙක් රෙකමන්ඩ් කරලා නෑ...?!!"

අනිල් කීවේ සුපුරුදු ලෙස සිය නළල සහ ඇහිබැම රැලිකර ගනිමිනි.
අනිල් සහ ඇලෙක්ස් අතර ඕනෑම අවස්ථාවක බහින්බස් වීමක් ඇති වීමට ඉඩ ඇතිබව දන්නා කීත් දැන්වීම් පුවරුව අසලින් ඉවත්ව මදක් ඉදිරියට පැමිණියේය.

"වීල් චෙයර් එකේ යන්න තරම් මට අමාරුවක් නෑ..!"

ඇලෙක්ස් කීවේ අත්වාරුවෙන් ඉදිරියට ඇවිදීමට උත්සාහ දරමිනි. ඔහු පියවරක් තබන වාරයක් පාසා ඔහුගේ මුහුණ වේදනාවෙන් පිරුණු බව කීත් හොදින් දුටුවේය. එහෙත් ඒ සියල්ල සඟවා ගනිමින් ඇලෙක්ස් අත්වාරුවෙන් ඇවිදීමට උත්සාහ දරයි.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ