45 වෙනි කොටස - කැලෑ අශ්වයා

188 21 12
                                    


"ඇලෙක්ස්...අනිද්දාට උඹේ බර්ත්ඩේ එක..."

"ඉතින්..?"

"මාත් එක්ක ටෙක්සාස් යමුද?.. අපේ ගෙදර ?"

කීත් සිටියේ පොදු මේසය කෙරවලෙහි තම සුපුරුදු පුටුවෙහි වාඩි වීය. පොදු කාමරය අනික් පස කෙරවලෙහි ඇලෙක්ස් සිටියේ සෝෆාව මත උඩුකුරුව වැතිරි තම දකුණු කකුල සෝෆා ඇන්ද මත දිගු කරගෙනය. ඔහුගේ අතෙහි වූයේ සිය පුද්ගලික ජංගම දුරකථනයයි. කීත් සිටියේ ඇලෙක්ස් සමග ජංගම දුරකථන හරහා පණිවිඩ සංවාදයකයි. පොදු කාමරයේ සිටි සෙස්සන් ඔවුන් දෙදෙනාගේ නිහඬ සංවාදය නොදැන තම තමන්ගේ කටයුතු වල නිරතව සිටියහ.

"හෙට යූ.එන් සමිට් එක.."

"ඒක ඉවර වෙලා යමු... වීක් එන්ඩ් එකේදි.."

"මොකටද මං උඹත් එක්ක ටෙක්සාස් එන්නේ..?"

"පණ්ඩිතයා නොවී උඹ වරෙන්කෝ..!"

"ටෙක්සාස් ගිහින්..?"

"අපි යමු අශ්වයෝ බලන්න.. එහෙ කැලෑ අශ්වයෝ ගොඩක් ඉන්නවා.. නිම්න පුරා අශ්වයෝ... උඹ වගේ.."

"මම කොහොමද අශ්වයෙක් වෙන්නේ..?"

"උඹත් හිලෑ නොකරපු කැලෑ අශ්වයෙක්... මං උඹව හීලෑ කරන්නම්"

ඇලෙක්ස් එකවරම තම ජංගම දුරකථන තිරයෙන් දෑස් ඉවත් කොට කීත් දෙස බැලීය. පොදු කාමරයේ එහා කෙරවලෙහි සිට කීත් ඇලෙක්ස් වෙත එක් ඇසක් ගැසුවේය. කීත්ගේ ඉඟිය දුටු ඇලෙක්ස් වහා ඉවත බලාගත්තේය.

"බලමු.."

"එහෙම බෑ...උඹ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ මාත් එක්ක ටෙක්සාස් එන්න ඕනා"

"ලබන අවුරුද්දේ බලමු.."

"බැහැ..!! උඹ මාත් එක්ක ආවේ නැත්නම් මං දැන්ම මේ කොමන් රූම් එකේ ඉන්න හැමෝටම පේන්න උඹව කිස් කරනවා.."

"පිස්සු කෙලින්න එපා යකෝ!"

"එහෙනම් මාත් එක්ක වරෙන්!"

"උඹලගේ ගෙදර අය..?"

"උඹ අකමැති නම් කියපන්....මම මමායි ඩැඩියිටයි කියන්නම් වීක් එන්ඩ් එකේ ග්‍රෑනී ලගට යන්න කියලා.."

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Where stories live. Discover now