'ද ඩන්ඩේල්' අවන්හල ෆිලඩෙල්ෆියාවේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ රාත්‍රී ආහාර වේලායන් සදහාය. ඉතාමත් සාමකාමී වාතාවරණයක් තිබූ එය තුල අසුන් සහ මේස සියල්ල සුදු පැහැයෙන් යුක්ත විය. කීත් සහ ඇලෙක්ස් හට ජනේලය අසල වූ සුවපහසු මේසයක අසුන් ගැනීමට අවස්ථාව ලැබුණි. ඉහල සිට පහලට දිගු වීදුරු සහිත එම ජනේල හරහා රාත්‍රි වීදියේ අසිරිය මනාව දැකගත් හැක. එම වීදුරු ජනේල දුටු කීත් හට මතක් වූයේ Indigo Terrace නිවසයි. එහිද ජනේල ඇත්තේ වහලයේ සිට බිම දක්වා වීදුරු ලෙසිනි. සුපුරුදු පරිදි ආහාර ඇණවුම සදහා ඇලෙක්ස් සියලුම නිදහස කීත් වෙත ලබා දුන්නේය. කීත් විසින් තමා ප්‍රිය කරනා ස්ටීක්, අල පෙති සමග ස්පැගටි ඇණවුම් කලේය. ස්පැගටි ඇණවුම් කරනා දුටු ඇලෙක්ස් කීත් දෙස රවා බැලූ අතර කීත් සිය දසන් දක්වා සිනාසුනේය. ඇලෙක්ස් වෙනුවෙන් කීත් විසින් චීස් සහ ක්‍රීම් පිරි බේකන් සහිත ස්පැගටි සමග කුකුල් මස් සහ බිත්තර යෙදූ ක්‍රීම් සුප් කෝප්පයක් ඇණවුම් කලේය. ඇනවුම අතරේ ඇලෙක්ස් විසින් කීත් සදහා නැවුම් බෙල්ලන් ඇණවුම් කරන ලදී. අතුරුපස සදහා කීත් ඇනවුම් කලේ වැනිලා යෙදූ ක්‍රීම් බෘලේට් ය.
ආහාර පිලිගන්වනා තුරු ඇලෙක්ස් සිටියේ ජනේලයෙන් එපිට බලාගෙනය. ඕනෑම අවන්හලක ජනේලය අසල අසුන් ගැනීමට ඇලෙක්ස් තුළ මහත් ආශාවත් තිබූ බව කීත් හොදින් දනී. එය ඔහුට පුද්ගලිකත්වයක් ලබා දුන් අතරම තම මනෝ ලෝකයේ සැරිසැරීමට අවස්ථාවක් ලබා දෙන ලදී. ඒ සෑම අවස්ථාවකම ඇලෙක්ස් ඉදිරිපසින් අසුන් ගන්නා කීත් සිටින්නේ ඇලෙක්ස් දෙස බලාගෙනය. සුපුරුදු පරිදි අද දිනයේද කීත්ගේ දෙනෙත් ඇලෙක්ස් වෙත යොමු වී ඇත. උමතුවෙන් මෙන් තමා ආලය කරන මුරණ්ඩු, ළයෙහි තෙතමනය අඩු මෙම තරුණයා දෙස බලනා ඕනෑම පිටස්තරයෙකු තමාට දෙන එකම උපදේශය වනුයේ ඔහුගෙන් ඉවත් වන ලෙසට බවට නොඅනුමානය. නමුත් පිටස්තරයන් කිසිවිටක නොදකින ඇලෙස්ටෙයාර් ට්‍රිස්ටන් බිෂොප් නැමති තරුණයෙකු කීත් විසින් ඇලෙක්ස් තුලින් දැක්කේය. පිටතින් යක්ශයෙකු මෙන් හැසිරෙනා එහෙත් ඇතුලින් දේවදූතයෙකු සේ කටයුතු කරනා ඇලෙක්ස් හට කීත් අසීමාන්තික ලෙස ආලය කලේය. ඇලෙක්ස්ගේ පිහි වැනි වදන් සහ ගින්දර මෙන් වූ නපුරු බව කීත්ගේ ආලය තවත් ත්‍රීව කලා මිසක කිසිවිටක අඩු කලේ නොමැත.
BẠN ĐANG ĐỌC
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fanfictionමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...