5 වෙනි කොටස - චාල්ස්ටන්

85 20 0
                                    

දින තුනක් ගතවන තුරු සිය රාජකාරි සගයා වන ඇලෙක්ස් දැකගැනීමටවත් කීත් හට නොහැකි වූයේ, පසුදා සිටම ඔහුට මෙහෙයුමක් සදහා සහභාගී වීමට සිදු වූ නිසාය.

K12 ඒකකයට බැදුනු පලමු දිනයේ උදෑසන වරුවම කාලගෝටි පිරිණු වරුවක් විය. දහවල් කෑමෙන් අනතුරුව කීත් සිය නව කාර්‍යාලය කාමරය වන K10 කාමරය වෙත ගියේ සිය සූට්කේසය සහ අනිල් විසින් තමාට ලබා දුන් කලු පැහැති පෙට්ටියද සමගයි. සිය නව කාමරය Pittsburg වීදියේ FBI ශාඛාවේ තම කාර්‍යාලයට වඩා ඉඩකඩින් වැඩිය; මේසයට පිටුපසින් ජනේලයක් ඇත; එයින් බැලූවිට කීත්ට Philadelphia වීදියේ එක කොටසක් දැකගත හැකි විය. මේසය මත නවීන පරිගණකයක් වූ අතර එහි තිරය මත FBI K12 ඒකකයේ ලාංජනය නොනවත්වා ස්වයංක්‍රීයව ලෙලදෙමින් තිබුනි.

කීත් සිය සූට්කේසය ඇර එහි තිබූ සිය බඩුබාහිරාදිය නව කාමරයේ නිසි තැන්වල තැම්පත් කලේය. ඉන්පසු ඔහු අනිල් දුන් කලු පැහැති පෙට්ටියේ වූ උපකරණද පරික්ශා කලේය. ඒ සියල්ල තමා K12 පුහුණුවේදි පාවිච්චි කර ඇත. එහි තුල වූ ලිපිගොනුවේ වසර 5ක් පුරාවට K12 ඒකකයේ මෙහෙයුම් සහ සාමාජික සහභාගිත්වයන් සහ ක්‍රමෝපායන් ගැන විස්තර ඇතුලත් විය. ඉතිරි වසරවල් පිළිබඳ වැඩි විස්තර තොරතුරු ගබඩා ඒකකයෙන් සොයාගත හැක.

රෝද සහිත සිය කැරකෙන සැපපහසු පුටුවේ කොන්ද දිගහරිමින් වාඩි වූ කීත්, උදෑසන වරුවේ සිදුවූ දෑ ආවර්ජනය කලේය. අන් සියලුම දෙනාට වඩා ඇලෙක්ස්ගේ මතකය ඔහු තුල රැව්දුන්නේය. කීත්ගේ නෙත ගැටුනේ සිය මේසය මත ඇති පරිඝණකයයි. වහා සිය නව හැදුනුම්පත් අංකය සහ නව රහස් කේතය ඇතුලත් කර ඔහු K12 ඒකකයේ මෙහෙයුම් පද්ධතියට ඇතුල් විය. ඔහු පලමුවෙන්ම කලේ සිය ඒකකයේ සගයන්ගේ ජීව දත්ත ඇතුලත් ලිපිගොනු කියවීමයි.

මුලින්ම සිය නෙත ගැටුනේ තම නායක නේතන් රොජර්ස්ගේ ජීව දත්‍තයි.

වයස 36ක් වන ඔහු K12 ඒකකයට බැදෙන්නේ වයස 29 දීය. ඒකකයේ වැඩිමල්ම සාමාජිකයා වන ඔහු K12 නායකත්වයට පත් වී දැනට වසර හතරකට ආසන්න වේ. ඔහුගේ රාජකාරි ජීවිතයේ ලබාගත් කඩඉම් ඊට පහලින් පෙලගස්වා ඇත.

ඉන්පසු වැඩිමල් පුද්ගලයා වන්නේ ගැවින්‍ ය. ඔහුට වයස 34කි. ඔහු K12 සමග සම්බන්ධ වන්නේ මීට වසර දෙකහමාරකට පෙරය.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Where stories live. Discover now