අනිල් දුන් ලිපිගොනුව රැගෙන පොදු කාමරයට පැමිණි කීත් මද වේලාවක් මේසයේ වාඩිවී කල්පනා කලේය.
ඇලෙක්ස් සමග පලවෙනි රාජකාරිය..
ඔහු කෙසේ ප්රතිචාර දක්වයිද...කීත්ගේ සිත දෙගිඩියාවෙන් පසුවිය.
වැඩිදුර නොසිතා ලිපිගොනුවද රැගෙන කීත් ගියේ ඇලෙක්ස්ගේ කාමරය වෙතයි. දොර අසලට ගොස් තට්ටු කලද ප්රතිචාරයක් නොමැති වූ කල, සිය ඒකක හැදුනුම්පත යොදා ගනිමින් කීත් දොර ඇරගෙන ඇතුලට ගියේය.
ඇලෙක්ස්ගේ කාමරයද තමාගේ කාමරය හා සමානය. දොරට ප්රතිවිරුද්ධ බිත්තියේ ජනේලයක් වූ අතර ඊට ඉදිරියෙන් මේසයක් සහ සැපපහසු පුටුවක් විය. මේසය මත නවීන පරිඝණකයකි. එහි ලිපිගොනු තැබීමට අල්මාරියක් වූ අතර, එහි ලිපිගොනු අපිලිවෙලට තිබුනේය. වෙනසකට වූයේ කාමරය පුරා බිත්තිවල අමුණා තිබූ කොල කෑලි සහ බිත්ති පුරා ලියා තිබූ නොයෙක් දේය. ඇලෙක්ස්ගේ කාමරයේ බිත්තිවල තිබූ දෑ දුටු කීත්ට, තමා ආ කාරණාව මදකට අමතක විය. එහි පත්තර වලින් කපාගන්නා ලද නොයෙක් අපරාධවල ලිපි සහ FBI විසින් නිකුත් කරන ලද විවිධ අපරාධකරුවන්ගේ ඡායාරූපයන් බිත්තියේ අමුණා තිබුනි. ඇමරිකා එක්සත් ජනපදයේ සහ වොශින්ටන් ඩී සී ප්රදේශයේ පූර්ණ සිතියමක්ද බිත්තියේ විය. බිත්තියේ අලවා තිබූ සියලුම දේ පුරා රතු නිල් සහ කලු පෑන්වලින් නොයෙක් දෑ ලියා තිබුනි. සමහර අපරාධකරුවන්ගේ මුහුණු කතිරයකින් කපා දමා තිබුනි. සිතියෙමේ සමහර නගර එකට යා කර තිබුනි. හිස් බිත්තියේ පවා යම් ගණිත සූත්ර සහ යම් ලිපිනයන් සහ දුරකථන අංක ලියා ඇත. කීත්ට මතක් වූයේ කුඩා දරුවන් ඉගෙන ගන්නා පෙරපාසලක ස්වරූපයයි. මීට පැය කිහිපයකට පෙර එකවරම මෙම කාමරයෙන් ආ දැඩි ශබ්දය කුමක් දැයි කීත් විපරම් කලද ඔහුට අස්වාභාවික කිසිවක් දකින්නට නොලැබුනි.
සැපපහසු පුටුවේ වාඩිවී සිටි ඇලෙක්ස් සිය කකුල් දෙකම මේසය මත දිග හැරගෙන සුදු පැහැති වයිට් චොකලට් එකක් කමින් සිටියේය. තවත් චොකලට් කොල කිහිපයක් බිම තැන තැන අපිලිවෙලට වැටී තිබුනේය. තමාගේ නිදහසට බාධා කරමින්, තම වාසභූමියට පැමිණි සොරෙකු දෙස බලන්නාක් මෙන් ඔහු කීත් දෙස තියුණු ලෙස බලා සිටියේය. කීත් උගුරේ රැල් බුරුල් කලේය.
ŞİMDİ OKUDUĞUN
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Hayran Kurguමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...