'දඩා......ස්..!!"
ඉතා තියුණු වේදනාවක් කීත්ගේ තුනටිය සහ ගෙල හරහා දැනුනි. කිහිපවරක් ඇසිපිය ගැසූ කීත් වටපිට බැලීය. ඔහු සිටියේ සිය ඒකක කාමරය තුල බිම වැටීය; සිය සුවපහසු කැරෙකන පුටුව පෙරලී ගොස් ය; මේසය මත තිබූ පෑන් රදවනය බිම පෙරලී තිබුනේ එහි වූ නිල් රතු කලු පෑන් බිම පුරා විසුරුවා දමමිනි.
කාමරයේ දොරටුව එකවරම විවෘත කොට ඇතුලට දිව ආවේ ඩේමියන් ය."කීත් ..! මොකක්ද උනේ? අඩෝ.. මොකද උඹ බිම වැටිලා...??"
ඩේමියන් සිය හැඩිදැඩි දෑතින් කීත්ව දෙපයින් ඔසවන්නට උත්සහ කලේය.
"මට ප්රශ්නයක් නෑ බන්"
ඩේමියන්ගේ වාරුවෙන් නැගිටන අතරේ කීත් පැවසීය.
"උඹ කෑගැහුවේ ඇයි? මාව අඩියක් උඩ ගියා උඹේ කෑගැහිල්ලෙන්... "
ඩේමියන් කීවේ කීත්ගේ සිරුර පුරා බලමිනි.
"මට...මට එකපාරමට නින්ද ගියා... මාව වැටුනා!"
කීත් කීවේ ඩේමියන් සනසාලමිනි.
"උඹට හොදටම මහන්සී ඇති. අර රෙස්ට් රූම් එකට ගිහින් නිදාගනින්... උඹ ඇලෙක්ස්ගේ නම කියලා කෑගහනවා වගේ මට ඇහුණේ"
ඩේමියන් කීවේ කල්පනා බරිත මුහුණෙනි.
" ඇ..ඇලෙක්ස්ගේ ?? හහ්..මං මොකටද ඇලෙක්ස්ගේ නම කියන්නේ ?"
එකවරම දැනුන අපහසුතාවය ඩේමියන් හට දැනෙන්න නොදි කීත් කීවේය.
"ඒකත් ඇත්ත.. ඒ ගල් ඉබ්බාගේ නම මොකටද මතක් කරන්නේ? ඉන්නකං කරන්නේ යුනිට් එකේ අනිත් උන්ගේ ඇඟේ ලේ පුච්චන එකනේ"
බිම පෙරලී තිබූ සුවපහසු පුටුව කෙලින් කරමින් ඩේමියන් කීය.
"දැන් පාන්දර තුනහමාරයි.. උඹ ඩොම් එකට පලයන්.. මං ඉන්නම්.. තව පැය දෙක තුනකින් අනිත් උනුත් ඒවි"
එසේ කියූ ඩේමියන් කාමරයෙන් පිට විය. බිම වැටී තිබූ පෑන් සියල්ල අහුලා මේසය මත තැබූ කීත්, සිය පුටුවේ වාඩිවී මේසය මත හිස තබාගත්තේ හිසෙහි තිබූ අවුල් ජාලයෙන් මිදීමටයි.
එසේනම් එය සිහිනයකි.... එපමණයි..!
එහෙත් ඇයි තමා එවැනි සිහිනයක් දකින්නේ?
CZYTASZ
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fanfictionමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...