19 වෙනි කොටස - චොකලට් සහ වැනිලා

85 16 1
                                    

කීත්ට එදින රාත්‍රියේ නිදාගත නොහැකි විය. එහා සයනයේ තද නින්දේ සිටි ලෝගන් මහ හඩින් ගොරවයි. එහෙත් කීත්ගේ නින්දට බාධා කලේ ලෝගන්ගේ ගෙරවිල්ල නොවේ; ඇලෙක්ස් ය. සමාජ ශාලාවේදි සිදුවූ දෑ කීත්ගේ සිතෙහි සුලියක් මෙන් දග කරයි; එසේම ඩේමියන් කියූ දෑ කීත්ගේ කණ පුරා දෝංකාරය දේ.

ඇලෙක්ස් තවත් ගැහැණියක් සමග යහන්ගත වනු දැකීමට තමා මෙතරම් අකමැති කිමද?
ඔහු හුදෙක් තමාගේ රාජකාරි සගයා පමණි. එසේ නම් ඇලෙක්ස් ගැන තමාට ඇති අයිතිය කුමක්ද?
ඇලෙක්ස් ගැන තමාට ඇති කැක්කුම කුමක්ද? ඔහුට ඔහුගේ ජීවිතය ගැන තීරණ ගැනීමට අයිතියක් නොවන්නේද?
ගැහැනියක් සමග පමණක් නොව අවශ්‍ය නම් පිරිමියෙක් සමග වූවද යහන්ගත වීමේ අයිතිය ඇලෙක්ස් හට ඇත.
ඒ ඔහුගේ ජීවිතයයි; තමාට අදාලත්වයක් නැත; එසේනම් ඇලෙක්ස් ගැන තවදුරටත් සිතීමේ පල කුමක්ද?

කීත් උඹට ඔල්මාදේ!

පාන්දර වන තුරු සයනය පුරා පෙරලුනු කීත් උදෑසන හය වන විට නැගිට්ටේය. මුහුණ සෝදා ඇදපැලදගත් කීත් සිය කබඩයේ තබා තුබූ කුඩා සිහින් පෙට්ටියක් අතට ගත්තේය. ලෝගන් තවමත් සුව නින්දේය. කාමරයෙන් පිටත් වූ කීත් ගියේ නේතන්ගේ කාමරය වෙතයි.

ටක්.. ටක්.. ටක්...

සිය නායකයා දොර හැරියේ සුපුරුදු මෘදු සිනහව සමගය. නිදිමත තවමත් නේතන්ගේ දෑස් වලින් මැකී නැත.

"ඇලෙක්ස් තාම නිදි... ඔයාම ඇහැරවන්න බලන්න"

නේතන් කීවේ මද සිනහවකිනි.

ඇලෙක්ස් සිටියේ නේතන්ගේ දකුණු පස සයනයේය. මුණින් අතට වැතිරී සිටි ඔහු, කොට්ටය බදාගෙන නිදාගෙන සිටියේ සිය දිගු කකුල් කකුලුවෙක් මෙන් ඉරියව්වක තබාගෙනය. ඇලෙක්ස්ගේ අමුතු නිදන ඉරියව්ව දුටු කීත් හට සිනහා පහල වුනි. සයනය අසලට ගිය කීත් සෙමින් ඇලෙක්ස්ව අවදි කරන්නට විය.

"ඇලෙක්ස්... ඇලෙක්ස් ... ! "

"හ්ම්...?"

කීත්ගේ හඩට ඔහු ප්‍රතිචාර දුන්නේ දෑස් පියාගෙනමය. ඔහු තවමත් සිටින්නේ නිදි දෙව්දුව අසලය.

"නැගිටපන්කෝ!"

එවර කීත් ඔහුගේ උරහිසෙන් අල්ලා සොලවන්නට විය.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ