"මං මුකුත් දන්නේ නෑ..... දෙයියන්ගේ නාමෙන් මාව අතහරින්න ......!!
සැකකරු හඩා වැටෙන්නට විය.
'චටාස්...!!!'
සැකකරු යළිත් වේදනාවෙන් කෑගසන්නට විය.
"ඇත්ත කියපන්.! තෝ කොහාටද ආයුධ ටික යැව්වේ ?!"
කාමරය තුලින් කීත්ට නැවතත් ඇසුණේ ස්ටෙෆාන්ගේ කටහඩයි. ඔහුගේ කටහඬ දේවස්ථානයක වූ ඝාන්ඨාරයක් මෙන් තියුණුව රැව් දුනි.
කීත් සිටියේ FBI ත්‍රස්ත විමර්ශන අංශ කොට්ටාශයේ පහල මාලයේ කාමරයකයි. අනිල්ගේ වචන සැබෑවක් කරමින්, FBI විසින් Jonestown හිදි අත්අඩංගුවට ගත් සැකකරුව ප්‍රශ්න කිරීමට K12 ඒකකයේ සහය ඉල්ලුහ.
"තෝ හදන්නේ මගේ ඉවසීම නැති කරන්න....!! කියපන් &#%*@ කොහාටද ඒවා යැව්වේ? තෝ කාටද වැඩකරන්නේ???!!"
ස්ටෙෆාන් කේන්තියෙන් බෙරිහන් දුන්නේ සැකකරු හට සිය අතේ තිබූ කසයක් බදු වූ පටියෙන් තවත් පහරවල් කිහිපයක් එල්ල කරමිනි.
තමන් කිසිවක් නොදන්නා බව කියමින් හඩා වැටීම හැර, සැකකරු වෙන කිසිවක් නොකීවේය.
කීත් සිටියේ විශාල කාමරයක් තුලයි. එහි අඩු ආලෝකය සහිත විදුලි බල්බ කිහිපයක් ඇත. මේසයක්,පුටු කිහිපයක්, විමර්ශන කැමරාවක් සහ ආම්පන්න කිහිපයක් හැරෙන්නට වෙනත් භාණ්ඩ එහි තිබුනෙ නැත. කාමරය තුල වීදුරු බිත්තියකි. එයින් කාමරය දෙකට බෙදා ඇත. එයට වීදුරු දොරකි. සැකකරු සිටියේ වීදුරු බිත්තියෙන් එහාය. ඔහුගේ දෑත් උස්සා ඉහලට බැද උඩුකය නිරුවත් කර තිබුණි. ස්ටෙෆාන්ගේ පහරවල් හමුවේ ඔහුගේ සිරුර තුවාල වී ලේ මතු වී තිබුනි.
වීදුරු බිත්තියෙන් මෙහා කීත් සිටියේ එක් බිත්තියකට හේත්තු වී ය. කීත් සමග ගැවින් සහ ලූකස්ද බිත්තියට හේත්තු වී සිටියේය. වීදුරුවෙන් වෙන් කරන ලද බිත්ති කොටසේ ඉදිරියේම සිටගෙන සිටියේ අනිල් සහ නේතන් ය. අනිල්ගේ මුහුණ දරඩුව එක එල්ලේ වීදුරුවෙන් එපිට වූ සැකකරු දෙස යොමු වී තිබුනි. දෙඅත් පපුව හරහා බැදගෙන තිබූ ඔහු හීයක් මෙන් තනි කෙලින් නොසෙල්වී සිටියේය. ඔහුගේ දකුනු පසින් නේත්න් සිය කලිසම් සාක්කු දෙකට දෑත් රුවගෙන සංකීර්ණ වූ මුහුණකින් සැකකරු දෙස බලා සිටියි. කීත්ට ඉදිරියේ ප්‍රතිවිරුද්ධ බිත්තිය අසල හමුදා නිලධාරින් හතර දෙනෙක්ද සිටිගෙන සිටියහ.
أنت تقرأ
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
أدب الهواةමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...