44 වෙනි කොටස - මරියානා ආගාධය

101 16 0
                                    

පසුදා උදෑසන කීත් අවදි වන විට සයනය මත ඇලෙක්ස් සිටියේ නැත. වහා නානකාමරය සහ නිවසෙහි අනෙකුත් ස්ථානයන්හි විපරම් කර බැලූ කීත් දුටුවේ මුලුතැන්ගෙයෙහි කවුන්ටරය මත ඇති කුඩා සටහනකි.

"මයික්‍රොවේව් එකේ දාලා රත් කරගෙන කාපන්"

සුපුරුදු පරිදි දකුණු දෙසට ඇලවූ එකිනෙකට ගැටගැසුනු දිගු අත් අකුරු. කීත් සැනසුම් සුසුමක් හෙලීය. සටහන අසල විනිවිද පෙනෙනා ප්ලාස්ටික් භාජනයකින් වසන ලද පෝසිලේන් පිඟානකි. තම්බා ලුණු දමන ලද බෝංචි, බඳින ලද සොසේජස් කරල් දෙකක්, බදින ලද අලපෙති සහ සැන්විචයක් එහි විය. සැන්විචය මැද වූයේ බිත්තර ඔම්ලටයක් සමඟ තක්කාලි පෙත්තක් සහ සලාද කොළයක් පමණි. ඒ ඇලෙක්ස්ගේ ඉවුම් පිහුම් දැනුම අනුව ඔහු පිසීමට දන්නා උපරිම ආහාර වර්ගයයි.! ආහාර දුටු කීත්ගේ මුවෙහි රැදුනේ සිනහාවකි.

ඔහු තමා වෙනුවෙන් ආහාර පිළියෙල කර ඇත.

ඇලෙක්ස් ගියේ කොහිදැයි කීත් නොදත්‍ ය. නමුත් අද උදෑසනම ඔහු ඩෙබරෝ නැමති පුද්ගලයෙකු මුණ ගැසීම උදෙසා හමුවක් යොදාගෙන තිබුන බවට පෙරදින කීත් හට ඇසුණු දුරකථන සංවාදය හරහා හැගුණි. ඩෙබරෝ යනු කවුරුදැයි කීත් නොදත් ය. කීත් දන්නා එකම දෙය නම් කොයි දේශයේ ගියත්, පැය 24ක් ඇතුලත ඇලෙක්ස් ඒකකයට වාර්තා කරනා බවය.

ආහාර තවමත් උණුසුම් හෙයින් මයික්‍රෝවේව් යන්ත්‍රයට දමා රත් නොකරම, පෝසිලේන් පිඟන සමඟ පිහියක් සහ ගෑරුප්පුවක් අතට ගත් කීත් මුලුතැන්ගෙය අසල වූ කෑම මේසයෙහි වාඩි වී ආහාර වල රස බැලීය. සැන්විචයේ වූ ඔම්ලටයේ ලුණු වැඩිය! බදින ලද අලපෙති මුරුක්කු මෙන් වැඩියෙන් බැදී ඇත! සොසේජස් කරල් දෙකෙහිම යටි පැත්ත අඟුරු මෙන් කර වී තිබුනි! බෝංචි කරල් පමණක් දිවි ගලවාගෙන තිබුනහ.!
කීත් හට මහ හඩින් සිනහා ගියේය.
ස්ටෙෆාන් සිටියේ නම් මෙම ආහාර වලට කුමක් කියනු ඇති දැයි කීත් සිතුවේය. බොහෝවිට ඇලෙක්ස් හට බැනවදිනු ඇත; ඉන්පසු ස්ටෙෆාන් විසින්ම නව ආහාරයක් සාදා දෙනු ඇත.!
මහහඩින් නැගූ සිනහාව අතරේ කීත් හට ඇලෙක්ස් පිළිබඳව ආලය වැඩි වුනි. මේ ඇලෙක්ස්ගේ ආවේණික ආහාර සැකසීමයි; ඔහුට අනුව මෙය කෑ හැක; මෙතෙක් කාලයක් ඔහු ආහාර අනුභව කර ඇත්තෙ මෙසේය; ඒ ඔහු මේ සියල්ල තනිවම ඉගෙන ගත් හෙයිනි; ආහාර සම්බන්ධයෙන් ඔහුට තිබූ දක්ශතාවය මෙපමණ ය; ස්ටෙෆාන්ට අනුව ඇලෙක්ස් යනු මුලුතැන්ගෙය ආසන්නයටවත් වද්දාගත යුතු පුද්ගලයෙකු නොවේ; නොදන්නා ආහාර සෑදීමට යාමෙන් ඔහු මහ විනාශයක් කරගනු නියතය. දන්නා සැන්විචය කා දිවි රැකගැනීම යහපති!

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ