26 වෙනි කොටස - ඉවසීමේ සීමාව

118 21 1
                                    

නලා හඩත් සමග අවදි වූ කීත් වේලාව බැලීය. පාන්දර 2.45යි.!  වහා උණුසුම් කබාය හැදගෙන පිජාමා ඇදුම පිටින්ම දොර හැරගෙන සිය සගයන් සමග පඩිපෙල බසිමින් Hancock ගොඩනැගිල්ලේ පහලට දිව ගියේය. Hancock ගොඩනැගිල්ලේ නේවාසිකව සිටි FBI නිලධාරින් සියලුම දෙනා ඒ වන විටත් ගොඩනැගිල්ලේ පහල වීදියට එක්‍ රොක් වී සිටියහ. වහා ගිනි නිවන හමුදාව පැමිණ ගොඩනැගිල්ලේ වූ ගෑස් කාන්දුව පරික්ශා කලේය. කිසිදු ගින්නක් නැත; කිසිදු ජීවිත හානියක් නැත; එහෙත් ගෑස් කාන්දුවක් සිදුවී ඇත. තම සගයන් සියලුම දෙනා රාත්‍රී පිජාමා ඇදුමට උඩින් උණුසුම් කබා පැලද සිටියහ. එරික් සහ කොලින් පමණක් නිල ඇදුමෙන් එහි පැමිණ සිටියේ ඒකකයේ සිටයි. ඔවුන් දෙදෙනා හට එදින රාත්‍රී රාජකාරි පැවරී තිබුනි.

විනාඩි කිහිපයකින් එහි දුව ආවේ ඇලෙක්ස් ය. ඔහු කලු පැහැති අත්දිග ටීශර්ට් එකක් සහ කලිසමක් හැද සිටි අතර උණුසුම් කබායක් පැලද නොසිටියේය.

"නේතන්! මොකද උනේ?" 

පිරිස අතරින් රිංගා ආ ඇලෙක්ස් ඇසුවේ කලබලයෙන් ය.

"ගෑස් ලීක් එකක්.. ෆයර් එලාම් එක වැදුනා. කිසිම රූම් එකක් නම් ඩැමේජ් නෑ. ඒත් ගෑස් ලීක් එක තියෙනවා කියලා ආරංචි"

නේතන් කීවේ ගොඩනැගිල්ල දෙස බලාගෙනය.

"කෝ ස්ටෙෆාන් ?  එවන්ස් කෝ? අනිල් හොදින්ද ?" 

ඇලෙක්ස් ඇසුවේ කලබලෙනි.

"එයාලාට ප්‍රශ්නයක් නෑ. එයාලා හොදින්.. වැඩි විස්තර දැනගන්නකං අපි මෙතන ඉමු"

නේතන් කීවේ සාමකාමී ලෙසය.

ඇලෙක්ස්ගේ දෑස් කීත්ගේ දෑස් සමග එකට ගැටිනි.

"උඹට අවුලක් නෑ නේද?"

ඇලෙක්ස් කීත්ගෙන් ඇසුවේ කලබලෙන්‍ ය.

"ප්‍රශ්නයක් නෑ. අයිම් ඕකේ"

කීත් කීවේ සුපුරුදු ලෙස සිනහා වෙමින්‍ ය. වෙනදාට කීත්ගේ සිනහාව විරිත්තිල්ලක් යැයි බැනවදිනා ඇලෙක්ස් අද දින නිහඩව සිටියේය.

"ස්ටෙෆී..!"

ඇලෙක්ස් අත වනා ස්ටෙෆාන් හට අඩගැසුවේය.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Donde viven las historias. Descúbrelo ahora