ඇලෙක්ස්ගේ කාමරය තුල ඔහු නැත!
Hoover ගොඩනැගිල්ල අසල ඔහුගේ Audi රථය නැත;
K12 ඒකකය තුල ස්ටෙෆාන්ගේ උස් හඩ නැත; අනිල්ගේ කෝපාවිශ්ඨ බැනවැදීම ඇසුණේ නැත; සරලවම ඒකකය තුල ඇලෙක්ස් නොමැතිව ජීවයක් නැත.
කීත් හට දැනුනේ තමා පාලු සොහොන් පිටියක් තුල සිටිනවාක් වැනි හැගීමකි. පොදුකාමරයට පැමිණෙන වාරයක් පාසා ඔහු ඇලෙක්ස්ගේ K4 කාමරය දෙස බැල්මක් හෙලන්නේය. සිය දෙපා මේසය මත තබාගෙන සුදු පැහැති වයිට් චොකලට් කෑල්ලක් සපමින් සිටින දඩබ්බරයාගේ මුහුණ කීත්ට මැවී පෙනිණි.කෝල්මන් විසින් ඇලෙක්ස්ව සති තුනකට රාජකාරි තහනමකට ලක් කිරීම කීත්ගේ සිත වේදනාවකට පත්කලා සේම සැනසුමක්ද ගෙන දුනි.
"ඔච්චර හිතන්න එපා බන්. මේක පලවෙනි සැරේ නෙවෙයි. මීට කලින් කීපාරක් කියලා ඇලෙක්ස්ව සස්පෙන්ඩ් කරලා තියෙනවා ද?.. පනිශ්මන්ට්ස් කීයක් කරලා තියෙනවා ද? කෝ ඉතින් වැඩක් උනාද?... නෑනේ!!"
ලෝගන් කීවේ පොදු නානකාමරයේ මුහුණ දොවන බේසමට ජලය පුරවන ගමන් ය. කීත් ඒ අසල බිත්තියකට හේත්තුවී සිටියේය
"අනිල් කොච්චර ඇලෙක්ස්ට බැන්නත් කවදාවත් අනිල් වෙන කෙනෙක් ඉස්සරහා ඇලෙක්ස්ට බනින්නේ නෑ. අනිල් ඔය පුටුවේ ඉන්න තාක් කල් ඇලෙක්ස්ව යුනිට් එකෙන් එලියට දාන්න මොන දෙයියාටවත් බෑ... අනික කෝල්මන් හොදටම දන්නවා ඇලෙක්ස් තමා මේ යුනිට් එකේ ඉන්න හොදම බුලට් එක කියලා. කෝල්මන් තට්ටයා මොන වගේ එකෙක් උනත්, කොයි ලොක්කාද කැමති තමන්ගේ ටීම් එකේ හොදම එකාව එලියට දාන්න?.... "
වතුර පහරක් දෝතට ගෙන මුහුණට ගසාගත් ලෝගන්, සිය මුහුණ සෝදන සබන්කාරකය අතට ගත්තේය.
"අරක කරන්න එපා මේක කරන්න එපා කියලා අනිල් කෑගහනවා, අනිල් එපා කියන එකම ඇලෙක්ස් කරනවා, ඊටපස්සේ ලොවෙත් නැතිවෙන්න අනිල්ගෙන් බැනුම් අහනවා, ඊටපස්සේ දෙන්නම කෝල්මන් ලගට යනවා, කෝල්මන් ඇලෙක්ස්ව සස්පෙන්ඩ් කරනවා.... ඕක තමා බන් හැමදාම වෙන්නේ.... ගෙම්බෙක්ගේ ජීවන චක්රය වගේ. එකම දේ කැරකි කැරකි වෙනවා..."
ලෝගන් පැවසුවේ සබන්කාරකයෙන් මුහුණ අතුල්ලන ගමන් ය.
"ඔය මොන සස්පෙන්ශන් දැම්මාත් ඇලෙක්ස් හැදෙන්නේ නෑ! අන්න ඒක ශුවර්!"
ESTÁS LEYENDO
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fanficමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...