20 වෙනි කොටස - ස්ටෙෆාන්ගේ සාදය

78 16 2
                                    

"මතක තියාගනින්... කීශා ගැන දන්නේ උඹයි මමයි විතරයි හරිද!.... අඩුගානේ අනිල්වත් දැනගන්න ඕනා නෑ..... අනිල් විස්තර ටික විතරක් දැනගත්තාම ඇති!"

ඇලෙක්ස් කීවේ සිය කාමරය දෙසට පියනගනා අතරේය. හිස සැලූ කීත් එයට එකපයින් එකග විය.

ඔහු සහ ඇලෙක්ස් පමණක් දන්නා රහසක්....
ස්ටෙෆාන්ටවත් අනිල්ටවත් නොකියන රහසක්...
එසේනම් ඇලෙක්ස් හට තමාව ඉතා විශ්වාසදායි නොවේද?...

හෝටලයේ කාමර දෙසට ඇවිද යන අතරේ කීත් සිය කල්පනා ලෝකයේ අතරමං වෙමින් සිටියේය. කාමර පරිශ්‍රයේ කොරිඩෝව හුදකලාය. හෝටලයේ ලැගුම්ගෙන සිටින බහුතරයක් දෙනා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ මියාමි නගරයේ සහ මුහුදු තීරයේය. ඈත කොරිඩෝවේ වංගුවෙන් එකවරම මතු වූයේ ස්ටෙෆාන් ය. ස්ටෙෆාන් දුටු කීත්ගේ සිතේ ඇති වූයේ නම් පහන් හැගීමක් නොවේ!

"ටහුකන්න! කොහෙද බන් උඹලා දෙන්නා මකබෑවිලා හිටියේ?? බලපන් ෆෝන් එකේ මැසේජ් කෝල්ස් කීයක් තියෙනවා ද කියලා...? "

ස්ටෙෆාන් බෙරිහන් දුන්නේ කොරිඩෝව කෙරවලේ සිට කීත් සහ ඇලෙක්ස් දෙසට එන ගමන් ය. කොට කලිසමක් සහ බැනියමක් හැද සිටි ඔහුගේ සුදු සම අව්වට පිලිස්සී රතු වී ඇත.

"මොකටද හෙව්වේ?"

ඇලෙක්ස් ඇසුවේය.

"උඹව හෙව්වේ නලවන්න!! වරෙන් උකුලේ තියාගන්න...! හහ්..! වෙන මොකටද බං බීච් වොලිබෝල් ගහන්න හෙව්වේ... උඹලා දෙන්නා නැතිව අපි සෙල්ලම් කලා"

ස්ටෙෆාන් කීවේ වේගවත් හඩකිනි.

"ඔය ෆෝන්ස් වල සයිලන්ට් මෝඩ් ඕෆ් කරපන්.. යුනිට් එකේ එකෙක් මරලා දාලා ගියත් උඹලා දන්නේ නෑ!"

ස්ටෙෆාන් වැඩිදුරටත් කීවේය. ස්ටෙෆාන්ගේ බස ගණන් නොගත් ඇලෙක්ස්, ඔහු පසුකර කොරිඩෝව දිගේ ඉදිරියට ඇදෙන්නට විය.

"මේ අහපන්... අද රෑට උඹ අතුරුදහන් වෙන්න එහෙම එපා! රෑට පාටියක් තියෙනවා. ඩාන්සර්ස්ලත් එනවා ...."

ස්ටෙෆාන් කීවේ ඇලෙක්ස්ට ය.
ස්ටෙෆාන්ගේ වචන ඇසී එතනම නතරවී ආපසු හැරුණු ඇලෙක්ස්, ආපසු ස්ටෙෆාන් දෙසට එන්නට වූයේ නපුරු කරගත් මුහුණින් යුතුවය.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Dove le storie prendono vita. Scoprilo ora