බර්න් සිට ඉන්ටලේකන් දක්වා ඇති ගමන් මාර්ගය අතිශයම අලංකාරය. සරත් සෘතුවේ වුවද තවමත් හිරු එළිය වැටී ඇති හෙයින් කීත් විසින් ස්ටෙෆාන්ගේ මෝටර් රථයේ ඉහළ වූ සන්රුෆ් කොටස විවෘත කළේය. එමගින් මෝටර් රථය තුළට සීත සුළං ගලා ආ අතර ඔවුන්ගේ හිසකෙස් අවුල් වී ගියේය. ඇලෙක්ස්ගේ දිගු හිස කෙස් ඔහුගේ මුහුණ පුරා වැටී ඔහුට කරදරකාරී ලෙස හැසිරුණ අතර, වහා සිය සාක්කුවෙන් කළු පැහැති කුඩා රබර් පටියක් ගෙන ඇලෙක්ස් සිය දිගු කළු කෙස්කලඹෙන් බාගයක් සිය දිගු ඇඟිලි අතරට ගෙන එය පෝනිටේලයක් ලෙස දමා ගත්තේය.
ස්විට්සර්ලන්තය යනු සොභාදහමේ උල්පතකි. ඉන්ටලේකන් දක්වා ගමන් කරනා මාර්ගය පුරාවට ඔවුන්ට ඈතට දිස්වූයේ ඇල්ෆ්ස් කඳු පෙළයි. ගමන පුරාවටම ඇලෙක්ස් සිටියේ නිශ්ශබ්දවය. එය කීත් හට සාමාන්‍ය දෙයකි. ඇලෙක්ස් සමග රාජකාරි කටයුතු කරන කාලයේදී පවා ඇලෙක්ස් කිසි විටෙක කීත් සමඟ වාහනයේ ගමන් කරනා අවස්ථාවේදී වැඩි වචන කතාබහ නොකළේය. අවශ්‍ය නම් පමණක් අවශ්‍ය දේ පමණක් කතා කරන ලදී. සිය දකුණු කකුල දිගහැර වම් කකුල නවා අසුන මත තබාගෙන සිටි ඇලෙක්ස්, මෝටර් රථයේ ජනේලයෙන් එපිට බලාගෙන සිටියේය. ඔහු නරඹන්නේ ඉන්ටලේකන් දක්වා යන ගමනෙහි වූ පරිසරයේ අසිරියද නැතහොත් ඔහු තමාගේම මනෝ ලෝකයක අතරමං වී සිටිනවාද යන්නට කීත් හට තේරුම් ගත නොහැකි විය.
"වාහනය නවත්තපන්..!"
ඇලෙක්ස්ගේ විධානය දෙවරක් ප්‍රශ්න නොකර කීත් වහා මෝටර් රථය අසල වූ නිදහස් ස්ථානයක නවත්වන ලදී. ඔවුන්ගේ වාහනයට නුදුරින් ඇල්ෆ්ස් කදු පෙළේ අසිරිය මනා ලෙස දර්ශනය වේ.
ඇලෙක්ස් වහා මෝටර් රථයෙන් බැස ගත්තේය. කීත්ද වහා මෝටර් රථයෙන් බැස ඇලෙක්ස් සිටිනා පැත්තට දිව ගියේ ඔහුට කුමක් හෝ ප්‍රශ්නයක් ඇතිවී ඇත්දැයි සැකයෙනි. ඇලෙක්ස් සිටියේ තම කළු පැහැති ටීෂර්ටය වම් පැත්තෙන් ඔසවාගෙනය. වහා ඒ දෙස බැලූ කීත් හට දැක ගැනීමට හැකි වූයේ ඇලෙක්ස්ගේ වම් උදර ප්‍රදේශයේ ශල්‍යකර්මය සිදු කර ඇති ස්ථානයේ ඇති සුදු පැහැති විශාල ප්ලාස්ටරය මතින් රතු පැහැති ලේ බිඳු කිහිපයක් මතුවී ඇති අයුරුයි.
ŞİMDİ OKUDUĞUN
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Hayran Kurguමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...