33 වෙනි කොටස - මුර බල්ලා

101 22 4
                                    


ඇලෙක්ස්ව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර මේ වනවිට දින 8ක් ගතවී තිබුනද, කීත් හට ඔහුව දැකගැනීමට එක අවස්ථාවක්වත් ලැබුනේ නැත. ඒ මුර බල්ලෙකු මෙන් දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසල ගැවසෙනා ස්ටෙෆාන් නිසාය. කීත්ව දකින සෑම වාරයකම යක්ෂයා ආවේශ වුවාක් මෙන් කීත්ගේ ඇගට කඩා පනිනා ස්ටෙෆාන්, ඇලෙක්ස් හට ලං වීමට කීත්ට ඉඩ නොදුන්නේය.

"තෝ නිසා යකා වගේ හිටපු කොල්ලා අද ලෙඩා වගේ ඇදක් උඩ! තොට රිවෝල්වරය අරගෙන යන්න තරම් ඔලුවක් තිබ්බේ නැද්ද වල් බල්ලෝ..!? තෝ ගෑනියෙක් වගේ හැසිරෙන නිසා තමා අද ඌට මෙහෙම වෙලා තියෙන්නේ !"

ඇලෙක්ස්ව දැකීමට දැඩි සත්කාර ඒකකය වෙත ගිය පලමු අවස්ථාවේ දි කීත්ගේ ගෙලෙන් අල්ලාගත් ස්ටෙෆාන්, දැඩි සත්කාර ඒකකයේ දොරටුව ඉදිරියේ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට විය.

"ස්ටෙෆාන් අතහැරපන් කීත් ව...!"

"අතහැරපන් යකෝ... මේක හොස්පිටල් එකක්!"

"කීත්ගේ වැරද්දක් නෑ ස්ටෙෆාන් ... යුනිට් එකේ ඕනම කෙනෙක්ව ඒ විදිහට හොස්ටේජ් තියාගෙන ඇලෙක්ස් ඩිමාන්ඩ් කරන්න ටයිබෝට ඉඩ තිබ්බා...!"

"ඒක ඇත්ත... කීත්ගේ නරක වෙලාවට ඇලෙක්ස්ව අල්ලගන්න උන් කීත්ව ටාගට් කලේ!"

"ඔව්... මාව උනත් උන් කිඩ්නැප් කරන්න ඉඩ තිබ්බා.. එහෙම උනා නම් අද ඇලෙක්ස්ට මේක වෙන්නේ මම නිසා !"

"උන් කීත්ව ටාගට් කලේ කීත් ඇලෙක්ස්ගේ ඩියුටි පාර්ට්නර් නිසා වෙන්න ඕනා..අතහැරපන් ස්ටෙෆාන් !"

"ස්ටෙෆාන් ....ඉවසපන් යකෝ.. මෙහෙම හැසිරුනාම ඇලෙක්ස්ට හොද වෙනවා කියලද උඹ හිතන්නේ ...?!"

K12 ඒකකයේ සියලුම දෙනා ස්ටෙෆාන්ගේ දැතට සිරවී සිටින කීත්ව බේරාගැනීමට වෙර දරමින් සිටියහ.

"මාව මරපන් ස්ටෙෆාන් ..! මරපන්..! ඒත් මට එකපාරක් එයාව බලන්න ඕනා.. මට බලන්න දීපන් යකෝ!!"

කඩා හැලෙනා කදුලින් සහ වේදනාවෙන් යුතුව කීත් මොර දෙන්නට විය.

"තෝව මරලත් මදි හු...!.. #&$*@$!!!!

ස්ටෙෆාන්ගේ ග්‍රහණය දැඩිවිය.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ