35 වෙනි කොටස - පියඹා යෑම

67 15 1
                                    

"කොහොමද සර්? මම කීත් එවන්ස් .. K12 යුනිට් එකෙන්."

ඉදිරියට විත් කීත් සිය දකුණත ඇලෙක්ස්ගේ පියා වන ඇල්බට් හට දිගු කලේය. ඇල්බට් කීත්ගේ අත අල්ලා ගත්තේ එතරම් පහන් හැගීමකින් නොවන බව කීත්ට තේරුනි.
වයස 60 ඉක්මවූ ඇල්බට් සහ ඇලෙක්ස් අතර හැඩරුව අතින් කිසිදු සමානකමක් තිබුනේ නැත. දුබුරු කොණ්ඩය සහ සුදු රෝස මිශ්‍ර සම යම්තාක් දුරකට බ්‍රිතාන්‍ය සම්භවයක් ගෙන හැර පෑවේය. නමුත් ඇල්බට් ඇලෙක්ස් මෙන් උසය. තම පියාගෙන් ඇලෙක්ස් හට ලැබී තිබුනේ උස පමණි; ඉතිරි සියල්ල ඔහුට මව් පාර්ශවයෙන් ලැබී ඇත.

"හ්ම්.. හදුනගන්න ලැබුන එක සතුටක්"

කීත්ගේ අත සොලවමින් එහෙත් එතරම් ගණන් නොගනිමින් ඔහු කීවේය. ඔහුගේ වචන උච්චාරණයද ඇමරිකානු බ්‍රිතාන්‍ය මිශ්‍රණයක් ඇතිබවට කීත් හට හැගුණි.

"මේ මගේ බිරිද රේචල් බිෂොප් "

"හායි මිස්ටර් එවන්ස්"

රේචල් කීත් හට අත දිගු කලේය. ඇලෙක්ස්ගේ මව කැමීලියා මෙන් රේචල් හට හැඩති රුවක් නැත; එහෙත් සාමාන්‍ය පරිදි රූමත් ය. තඹ හිසකෙස් ඇයට යම් කිසි අවලස්සනක් ගෙන ආ බව කීත් සිතුවේය. වයස 45 කට වැඩි රේචල් ඉතා විලාසිතාකාරියක් බව ඇය හැදි ඇදුම්පැලදුමෙන් කීත් නිගමනය කලේය. එවැනි කාන්තාවක් හට බිෂොප් පවුල වැනි ධනවත් පවුලකට එක්වීමට ලැබීම නිධානයක් බදු බව කීත් සිතුවේය.

"හලෝ මිසිස් බිෂොප් "

රේචල්ගේ අත අල්ලා සෙලවූ කීත්ගේ සිතේ තිබුනේ බුබුරා නැගෙන කෝපයක් සහ පිළිකුලකි.

"නතාලියා.. ඔයාගේ බඩු ටික අරගෙන ආවා.. මාත් එක්ක ඇවිල්ලා බලන්න ඒවාවල අඩුපාඩු තියෙනවා ද කියලා..? එහෙම අඩුවක් තියෙනවා නම් රොඩ්‍රිගෝ අතේ ආපහු යවන්න ඕනා"

යැයි කියමින් කීත් වෙත කිසිදු සැලකිල්ලක් නොදැක්වූ ඇල්බට් කාමරයෙන් පිටවිය.

"කීත්...මට විනාඩි පහක් දෙන්න"

නතාලියා කීත්ගෙන් අවසර ගෙන කාමරයෙන් එලියට දිව ගියේය.
කාමරය තුල කීත් සහ රේචල් පමණක් තනිවිය.

"එහෙනම් ඔයා ඇලෙස්ටෙයාර්ගේ යුනිට් එකේ කෙනෙක්"

රේචල් කීවේ අමුතු ලෙස කීත් දෙස බලමිනි.

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Where stories live. Discover now