කීත් සිටියේ තම බඩුඅසුරමිනි. හෘදසාක්ශියට එකගව ඔහුට තවත් ඇලෙක්ස්ගේ මුහුණ බලමින් ඔහුගේ නිවසේ රැදී සිටිය නොහැක. එහෙත් ඔහු යම් හානියක් ඔහුගේ ජීවිතයට කරගනීදෝ යන්න බියක්ද කීත් තුල විය.
ඇලෙක්ස් නානබේසම තුලින් එලියට පැමිණියේ පසුදා සවස් භාගයේය. තෙතබරිත වූ කලිසම හේතුවෙන් ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව නොවැලදීම සදහා කීත් විසින් ඔහුගේ සිරුරට බ්ලැන්කටු කිහිපයක් පොරවා තිබුනි; නානකාමරයේ වූ හීටරයද ඉහල අගයකට දමා තිබුනි. නාන බේසම තුලින් එලියට බැසගත් ඇලෙක්ස්, නාන කාමරය මැද තිබූ පිලිස්සුනු ද්‍රව්‍ය දෙස එක බැල්මක් හෝ නොදමා හිම මෙන් සුදු පැහැති තුවායක් ගෙන එය ඉණවටා දවටාගෙන කලිසම සහ බැනියම ගලවා දැමුවේය. ගැලවූ කලිසම එක් කකුලකින් තල්ලු කරදමා ඔහු ඉණවටා වූ තුවාය සමගම නිදනකාමරයට ගොස් සයනය මතට ඇද වැටී තවත් නිදන්නට විය. බිම ගලවා දැමූ ඇලෙක්ස්ගේ කලිසම සහ බැනියම අතින් ගත් කීත් එය රෙදි සෝදන මැශිමට දමා අසල තිබූ රෙදි සෝදන කැටයක්ද එයට දමා යන්ත්‍රය පණ ගැන්වීය. කසල බදුන සහ කොස්ස නානකාමරය වෙත රැගෙන ආ කීත්, පිළිස්සුනු ද්‍රව්‍ය සියල්ල ඉවත් කොට නානකාමරයේ බිම සෝදා දැමීය. පිලිස්සුනු ස්ථානයේ වූ කලු පැල්ලම සෝදා හැරිය නොහැක. එය පොලව මත තදින් වැදී තිබේ.
පැය කිහිපයකට පෙර ඔහු නේතන් හට ඇමතුමක් ගෙන පැවසූයේ තමා සහ ඇලෙක්ස් රාජකාරි කටයුත්තක් සදහා පිටත් වන බවයි. නේතන් එයට ප්‍රතිචාර දැක්වූයේ ඇලෙක්ස්ව හොදින් බලාගන්නා ලෙසයි. රාජකාරි කටයුත්තක් සදහා පිටත්වන බව පැවසූ දේ බොරුවක් බව නේතන් හට වැටහෙන්නට ඇත.
උඹ හරියට ඇලෙක්ස්ව බලාගන්නේ නෑ....
ස්ටෙෆාන් පුන පුනා කීවේ මෙය නොවේද....
ස්ටෙෆාන් සහ ඇලෙක්ස් වසර දහයකට ආසන්න කාලයක් එකිනෙකා හදුනයි. ඇලෙක්ස්ගේ ස්වභාවය ස්ටෙෆාන් තරම් ඒකකයේ වෙන කවුරුත් නොදනී....
එසේනම් අනිවාර්යයෙන්ම ඇලෙක්ස්ගේ වේදනාව කුමක්දැයි ස්ටෙෆාන් දැන සිටිනු ඇත..
ඊයේ රාත්‍රියේ ඇලෙක්ස්ගේ හැසිරීම බොහෝවිට මින් පෙරත් සිදුවී ඇති බවට කීත්ට විශ්වාසය..
ඒ සෑම අවස්ථාවකදීම ස්ටෙෆාන් ඔහුව රැකබලාගෙන ඇත...
සමහර විට නේතන්ද ඇතුලුව....
ඇලෙක්ස්ගේ නපුරු ස්වභාවය තුල තිබෙන වේදනාත්මට පැතිකඩ ස්ටෙෆාන් දැන සිටිනු ඇත...
ඕනෑම මොහොතක එම පැතිකඩ එලියට එනු ඇති බවට ස්ටෙෆාන් තවත් හොදින් දැන සිටිනු ඇත..
ඒ නිසාය...
ඒ නිසාය ස්ටෙෆාන් නිරතුරුවම ඇලෙක්ස්ගේ ආරක්ෂාව සහ යහපත සොයා බලන්නට ඇත්තේ..
තමා ඔහුව හොදින් රැකබලා නොගන්නා බවට ස්ටෙෆාන් කල දෝෂාරෝපණය සාධාරණය...
ස්ටෙෆාන්ගේ රැකබලා ගැනීම ගැන ඇලෙක්ස් හොදින් දන්නේය..
කෙතරම් දබර වූවත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරේ කලහ; ආරක්ෂා කලහ; රැකබලා ගත්හ..
ස්ටෙෆාන් හට ඊර්ෂ්‍යා කර තේරුමක් නැත...
තමා ඇලෙක්ස්ගේ ජීවිතයට පැමිණ තවමත් වසර එකහාමාරක් ගත වූවා පමණි..
නමුත් ස්ටෙෆාන් ....
KAMU SEDANG MEMBACA
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fiksi Penggemarමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...