කිසිවක් නොදෙඩූ ඇලෙක්ස් වේගයෙන් රිය පදවන්නට විය.
"සැකකරු අවුරුදු 42යි, ඇමරිකානු ජාතියෙක්, පවුලේ ඉතිහාසය ක්ලියර්, රුසියානු සම්බන්ධයක් තියෙන බවට කිසිම සාක්ෂියක් නෑ, කිසිම පොලිස් රිපෝට් එකක් නෑ, පල්ලියේ ෆාදර් කියලා තියෙන්නෙත් ඒ පැත්තේ ඉන්න හොදම පවුල මේ මිනිස්සු කියලා......."
කීත් කියවාගෙන ගියේ අනිල් ලබා දුන් ලිපිගොනුවේ තිබූ තොරතුරුය.
"කටවහගෙන හිටපන්. කරුමයක් උනා මේක!"
ඇලෙක්ස් කීවේ කෝපයෙනි.
"මම කිව්වේ ෆයිල් එකේ තියෙන ඩේටා. බේසික් එක නොදැන කොහොමද ඩියුටි යන්නේ?"
කීත් කිව්වේ ඇලෙක්ස් දෙස බලමිනි.
"තෝ හිතුවාද මම මේ යන්නේ මුකුත් නොදැන කියලා?"
ඇලෙක්ස් කීත් දෙස බලා රැව්වේය.
කීත් කිසිවක් නොදොඩා සිටියේ වාහනය තුල දබර වීමට තිබූ අකමැත්ත නිසයි.
ඇත්ත ...
මූ එක්ක වැඩ කරන්න බෑ...
අනිත් අය කියන එව්වා සාධාරණයි ...කීත් ජනේලයෙන් එපිට බලාගෙන සිටියේ මද කේන්තියකිනි.
ඇලෙක්ස්ගේ Audi රථය ඉතා සැපපහසු ලෙස ඔවුන්ව Jonestown දක්වා රැගෙන ගියේය. එය Audi A8 L වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථයකි. Audi සන්නාමයේ මෙම වර්ගයේ කලු පැහැති මෝටර් රථය special edition ලෙස නිර්මාණය කරන ලද්දක් බවට කීත්ගේ මතකයට නැගුණ අතර මෙවැනි මෝටර් රථයක මිල ආසන්න වශයෙන් කොපමණ වේදැයි කීත් හට අනුමාන කල නොහැකි විය. කීත් හට අනුමාන කල හැකි එකම දෙය වන්නේ මෙවැනි මෝටර් රථයක් මිලදී ගැනීමට තරම් ඇලෙක්ස් ධනපතියෙකු වීම පමණි. ඒකකයේ තරුණයන් හට ඉතා ඉහල වැටුපක් ලැබුන නමුත් මෙවැනි මෝටර් රථයක් ලබා ගැනීමට ඇලෙක්ස් උපතින්ම ධනපති පන්තියකින් පැවැත එන තරුණයෙකු විය යුතු බවට කීත් තවදුරටත් අනුමාන කලේය. ඔහුගේ කලු පැහැති Audi රථය ඔහුගේ කෝපය සහ දඩබ්බරකමට එක හා සමාන වන බව කීත් හට හැගුණි.
![]()
Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

BẠN ĐANG ĐỌC
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fanfictionමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...