"ඇලෙක්ස්! ඔය ඔයාගේ කෝපි එක"
තමා ඉදිරියේ සිටි තරුණයාට පිළිතුරු දීමට මුව අරිත්ම, කීත්ට ඈතින් ඇසුණේ තියෝගේ කටහඩයි.
කීත්ගේ දෑස් නිරායාසයෙන්ම යොමු වූයේ තම අතැති වූ ප්ලාස්ටික් කෝපි කෝප්පය දෙසටයි. එකවරම ආ දිගු ඇගිලි සහිත අතක් කීත්ගේ දකුණු අතෙහි වූ කෝපි කෝප්පය උදුරා ගත්තේය.
දඩාස් !!
තම ඉදිරියේ වූ දොර වේගයෙන් වැසී යනු කීත් දුටුවේය. අවුල් වූ සිතින් යුතුව කීත් ආපසු හැරුන අතර ඔහු දැක්කේ K3 කාමරයේ දිශාවේ සිට මේසය අසලට පැමිනෙන තියෝවයි.
තියෝ විසින් ස්ටෙෆාන්ගේ කෝපි කෝප්පය K3 වෙත ගෙන ගොස් ඇත යන අනුමානයෙන් යුතුව කීත් හිස් බැල්මකින් මේසය දෙස බලා සිටියේය. මාපට ඇගිල්ල ඔසවා තමා දෙසට අභිනයක් දක්වන ගැවින්ව කීත් දුටුවේය. කැළඹුන හිසින් යුතුව කීත් පොදු කාමරයේ සෝෆාව අසල කෙරවලේ තිබූ පානීය ජල ෆිල්ටරය අසලට ගොස් එහි තිබූ වරක් භාවිතයෙන් ඉවතලිය හැකි කෝප්පයක් ගෙන එයට වතුර පුරවා බිව්වේය. අසල තිබූ කසල බදුනට කෝප්පය හෙලූ කීත් එහි වූ සෝෆාවේ වාඩි වූයේ හිතේ තවමත් තිබූ අවුල් ස්වභාවය නිසාය.තප්පර කිහිපයක් අවුල් බවින් මිදීමට උත්සාහ දරණ කීත් දුටුවේ තම සෝෆාව ඉදිරියේ වූ සෝෆා කොටසේ වාඩිවන ගැවින් ය.
"පොසිටිව් රෙස්පොන්ස් එකක්. ! මම නම් පලවෙනි දවසෙම බැනුම් ඇහුවා"
ගැවින් කීවේ සිය දෙඅත් හිස පිටුපසින් තබන අතරේ සිය ශරීරයේ හිරි හරිමින් ය.
"කෝපි එක වරද්දලාද?"
අවුල් වූ ස්වභාවයෙන් වහා මිදෙමින් කීත් ඇසුවේ හාස්‍යජනක ලෙසටය.
" නෑ... ID එක අමතක වෙලා!"
ගැවින් පැවසූයේ සිය මුහුණ හකුලමිනි.
කීත් සිනහා වුනේය.
"පලවෙනි දවසෙම ඇලෙක්ස් එක්ක මට යාඩ් එකට යන්න උනා. කාර් එකට ගියාම මට මතක් උනේ අලුත් ID එක මේස උඩ දාල ආවා කියලා. දුවලා දුවලා ආයේ ආවා මෙතනටම. ආපහු කාර් එකට ගියාම ඇලෙක්ස් හිටියේ මාව කන්න වගේ! එදා නම් යාඩ් එකට යනකල්ම බැනුම් ඇහුවා "
CZYTASZ
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Fanfictionමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...