"මේක Latte"
ඇලෙක්ස්ගේ කෝපි කෝප්පය මේසය මත තබමින් කීත් වාඩි වූයේ ඇලෙක්ස්ට මුහුණලා තිබූ පුටුවේය. ඇලෙක්ස් සිටියේ තවමත් බුම්මගෙනය. ඇලෙක්ස්ගේ මුරණ්ඩු බව නොතකා කීත් මේසය මත වූ අල තීරු සහ ස්ටීක් රසබලන්නට වූයේ ඇලෙක්ස් දෙස බලා විරිත්තමිනි.
" ඔය විරිත්තිල්ල නවත්තපන්!. මගේ ඇගේ මාලු නටනවා ඔය විරිත්තලට..!! "
ඇලෙක්ස් කීවේ නපුරු ලෙසය. කීත්ගේ සිනහාව තවත් වැඩි උනි.
"ඒ වුනාට ඇලෙක්ස් දන්නවාද, මගෙ මේ හිනාවට කොලේජ් එකේ කෙල්ලෝ වශී උනා"
කීත් කීවේ අලපෙති අහුරක් කටේ දමා ගනිමිනි.
"පොට්ට කෙල්ලෝ වෙන්නැති!"
අවඥා සහගතව ඇලෙක්ස් පිලිතුරු දුන්නේය.
"ස්ස්ස්... කීදෙනෙක් නම් මට ආදරෙයි කියලා මගේ පස්සෙන් ආවාද?"
ඇලෙක්ස්ගේ පිලිතුරු ගණන් නොගනිමින් කීත් කීවේය.
"ඒ කෙල්ලන්ගේ වාසනාව නිසා තමුසෙගෙන් බේරුනා"
නැවතත් අවඥා සහගතව කියමින් ඇලෙක්ස් මේසය මත වූ latte කෝපි කෝප්පය අතට ගත්තේය. ඇලෙක්ස්ගේ දකුණතෙහි මහපට ඇගිල්ලේ වූයේ සිහින් රිදී පැහැති මුදුවකි. මෙවන් වූ සිහින් රිදී මුදුවක් ස්ටෙෆාන්ගේ දකුණතෙහි මහපට ඇගිල්ලේද ඇති බවට කීත් මින් පෙර නිරීක්ෂණය කර තිබුණි.
ඔවුන් මේ සිටින්නේ ඔහියෝ දක්වා යන ගමනේ අවන්හලක් තුළය. ඔහියෝහි සන්ස්විල් ප්‍රදේශයේ වූ රාජකාරි කටයුත්තක් සදහා අනිල් විසින් ඇලෙක්ස් සහ කීත් එකට යැවීමට තීරණය කල අතර එයට ඇලෙක්ස් සුපුරුදු ලෙස විරුද්ධ වූයේ තමාට තනියම රාජකාරි කලයුතු බව කියමිනි. නමුත් අවසානයේ කීත් ජයගත්තේය ; ඇලෙක්ස් තවමත් මූණ බුම්මාගෙන සිටින්නේ ඒ නිසාය.
ඔවුන්ගේ මේසයට මදක් දුරින් වූ මේසයක තරුණියන් තිදෙනෙක් විය. ඔවුන් කීත් සහ ඇලෙක්ස් දෙස බලමින් උකුලු මුකුලු කරන්නට විය. එක් තරුණියක් කීත්ට ඇසක් ගසා ඉගි කලාය. කීත් එය නොසලකා හැරියේය. ඇලෙක්ස්ගේ අවදානය ඔවුන් වෙත ඇදගැනීමට තරුනියන් තිදෙනා වෑයම් කරයි. කොක් හඩලා සිනාසෙයි; ඇලෙක්ස් කෙතරම් කඩවසම් දැයි ඇලෙක්ස්ට ඇසෙන්නම පවසයි; නොයෙක් පෙම් වදන් පවසයි. කෙතරම් උත්සාහ කලද තරුණියන් හට ඇලෙක්ස්ගේ අවදානය ඇද ගැනීමට නොහැකි විය. ඇලෙක්ස් සිය latte කෝපි කෝප්පය බොමින් ජනේලයෙන් එපිට බලාගෙන සිටියි. ඔහුගේ දෘෂ්ටිකෝණයට එම තරුනියන් පෙනෙන්නේ නැත; එහෙත් කීත්ට හොදින් පෙනෙයි. ඇලෙක්ස්ගේ අවදානය ඇද ගැනීමට ඔවුන් කරනා නොයෙක් දේ දැක කීත්ගේ කෝපය ඉවහා ගියේය. කීත් එක් තරුණියක් දෙස කෝපයෙන් රවා බැලුවද තරුණියන්ගේ උත්සාහය නැවතුනේ නැත. ඔවුන් දිගටම ඇලෙක්ස්ගේ අවදානය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කලහ. ඇලෙක්ස් තම කල්පනා ලෝකයේ නිග්මව සිටියේය.
ŞİMDİ OKUDUĞUN
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)
Hayran Kurguමගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආද...