23 වෙනි කොටස - සංවත්සරය

87 15 3
                                    

"තමුසෙලා ඔක්කෝටමයි මේ කියන්නේ.... ගිය පාර වගේ මේ පාර පිස්සු කෙලලා තිබ්බොත් මං නරක මිනිහා කියලා කියන්න එපා....!"

අනිල්ගේ කටහඩ පොදු කාමරය පුරා විහිදිනි. ඒකකයේ සියල්ලෝම සිටියේ පොදු කාමරයේ තැන තැන වාඩිවී තමාට ලැබුන ආරාධනා පත්‍රය කියවමිනි. ඇලෙක්ස් පමණක් තම ආරාධනා පත්‍රය දෙකතුනකට නවා කලිසම් සාක්කුවේ දමාගත්තේය.

"ගිය පාර වගෙ ඩාන්ස් කරන්න ගිහින් ඩිප්ලෝමැට්ස් ඉස්සරහා ගෑනු ඉඹින්න බෑ...! බීලා ඇදුම් ගලවන්න බෑ....! කනකොට ප්‍රමාණයකට කාපල්ලා...! බොනකොට ප්‍රමාණයකට බීපල්ලා...!"

අනිල් කීවේ පිලිවෙලින් ඩේමියන්, ගැවින්, ලෝගන් සහ ස්ටෙෆාන් දෙස බලමිනි.

"මේපාර යුනිට් එකේ එකෙක් හරි අඩව්වක් නටලා තිබ්බොත්, දොලොස්දෙනාවම අල්ලලා හෝල් එකෙන් එලියට දානවා....! "

අනිල්ගේ දබර ඇගිල්ල හිස් අවකාශයේ තදින් වැනෙයි.

කීත් තමා වෙත ලැබුන ආරාධනා පත්‍රය නැවතත් කියවා බැලීය.

' ඇමරිකානු එක්සත් ජනපදයේ Fedaral Bureau of Investigation (FBI) අනුබද්ධිත Kennel 12 ආරක්ශක අංශ ඒකකය පිහිටුවා වසර 18ක් පිරීම නිමිත්තෙන් පවත්නා සාදය වෙත, ඒකකයේ විශේෂ Kennel නිලධාරි කීත් එවන්ස් මහතා වෙත ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! '

තද නිල් පැහැති ආරාධනා පත්‍රයේ රන්පැහැ අකුරින් එසේ ලියා තිබුනි. ඊට ඉහලින් ඇමරිකානු රාජ්‍ය ලාංඡනය, FBI ලාංඡනය සහ Kennel ඒකකයේ ලාංඡනය දක්වා තිබුනි. ආරාධනා පත්‍රය දුටු කීත් හට තමා ගැන ආඩම්බරයක් ඇති විය. තමාටත් වඩා තම දෙමාපියන් මේ ගැන බොහෝ ආඩම්බර වනු නියතය.

"බිෂොප්.. තමුසේ ඔය ඌරුවලිගේ කපාගෙන එනවා!"

අනිල් එවර ඇගිල්ල දිගුකලේ ඇලෙක්ස්ගේ අඩ පෝනිටේලය වෙතයි.

"මේ කොන්ඩේ එක්ක තමා මං ගිය අවුරුද්දේ පාටි එකට ආවෙත්!"

අනිල්ගේ වදන් ගණන් නොගත් ඇලෙක්ස් සාමකාමී ලෙස කීවේ සිය අතේ තිබූ වයිට් චොකලට් කැබැල්ලක් කඩා කටේ දමා ගනිමිනි.

"ගිය අවුරුද්දේ තිබ්බාට කමක් නෑ..! තමුසේ මේ අවුරුද්දේ ඔය නැට්ට කපාගෙන එනවා!!"

මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL)Wo Geschichten leben. Entdecke jetzt