"හ්ම්...එහෙනම් ඒ විදිහට කරමු.හැබැයි මගෙ යුග් පරිස්සමෙන් ඉන්න ඕනි.මම පස්සේ ගන්නම්... මගෙ කොල්ලා පව්...ඒකා දවල්ට තියා උදේටවත් මොකුත් කලා නෑ...බුදු සරණයි !!.love you menika "
මොකක්ද ....එයා ඒ කතා කරපු කෙනාට love you menika කිව්වා...එයා ඒක මටත් කිව්වා...එයා ඒ කෙනාට මම එයාගේ කිව්වා ...අනේ කවුද ඒ කතා කරේ.. අහන්නත් බෑ.මට අම්මා ගාවට යන්න ඕනෙ...
" යුග් බබා නැගිටින්න ....මම දන්නවා තමුසේ නැගිටලා ඉන්නේ කියලා... කෝ "
" ම...මහත්තයා "
"ඇයි දැන් තමුන් අඩන්නේ..."
" එ...ඒයා ...."
" තමුන්ට මගෙන් අහන්න ඕනේ ඒ කතා කරෙ කවුද කියලා නම් එක උත්තරයක් දෙන්නම් මට තමුන් වගෙම වටින කෙනෙක් .ඒ මගෙ පණ නම් තමුසේ මගෙ හද ගැස්ම මගෙ හුස්ම ... ඒ නිසා ඒ ගැන වැරදි වැටහිම් හදා ගන්න අවශ්‍ය නෑ..
ඒ කෙනාගෙයි මගෙයි තියෙන බැදීම තමුන්ගෙයි මගෙයි බැදිමට වඩා ගොඩක් වෙනස්... තමුන්ට තියෙන අයිතීන් එයාට නෑ..එයාට තියෙන අයිතිය ඕයාට නෑ.. ඒ නිසා වැඩිය හිතන්න එපා...එනවා කන්න යන්න..."
"මට....මට බඩගිනි නෑ"
" යුග් හිතුවක්කාර වෙන්න එපා...මම කිව්වා මට නිවෙන්න ඕනේ කියලා... උබ මගෙ කේන්තිය අවුස්සනවා දැන්... හ්ම්...ඇයි දැන් බඩගිනි නැත්තේ කියනවා..."
එයාට බොරු කියලා වැඩක් නෑ... එත් මම එයාගෙ වෙලා හරියම පැය කියද ගෙවිලා ගියේ ...අනේ මට තේරෙන්නේ නෑ දෙවියනේ මම කරන්න ඔන දේ...
" යුග් මම ප්‍රශ්නයක් ඇහුවා දරුවෝ"
" අ...අම්මා....ක..."
"සලාන්....!!"
අනේ දෙවියනේ එයා වියරුවෙන් දත් මිටි කාගෙන කාමරේ තිබ්බ කණ්ණාඩිය කුඩු වෙන්න ගැහුවා...අනේ ඒ අතේ ලේ ගලනවා...මම දුවලා ගිහින් ඒ අත අල්ලන්න හැදුවත් එයා ගස්සලා ගත්තා...
" එපා...ඕනේ.නෑ... පලයන් අම්මා ගාවට....."
" අනේ මහත්තයා , අතේ ලේ එනවා දෙවියනේ "
මට ඇඩෙනවා....එයා වියරු වෙලා ..ඇස් රතු වෙලා .එත් අනේ මම මොනා කරන්නද....
" ඉතින් මොකෝ.... ආ... පලයන් කිව්වම!!"
එයා යටිගිරියෙන් කෑ ගැහනකොට මට හයියෙන් ඇඩුනා.මට එයාව දලා යන්න බෑ... ගුටි කෑවත් කමක් නෑ කියලා මම එයාගේ අතේ එල්ලුනා...
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤