🍀49🌪️

2.1K 146 21
                                    

"යුග්... බබා... දැන් ලිස්ට් එකක් තියෙනවා නේද... ඔක්කොම බේබී ශොප් එකෙන් ගන්න පුලුවන් වෙයි...."

" හ්ම්..ඔව්....නේද...."

අපි දෙන්නා උදේම ආවේ බබාගේ බෑග් එකට ඕන ඕන දේවල් ගන්න වෙනකොට කෝකටත් කියලා අපේ අම්මා එක්කන් ආවේ එයාලට අත්දැකිම් තියෙන නිසා...

" අනේ මේ මේ සපත්තු දෙක ගමුකෝ රත්තරන් ,මගෙ පුතුට ලස්සනට තියෙයි යුග්....

මේ මේකත් ගමු හාද...බලන්නකෝ මේ ඇදුම ඇන්දාම මගෙ පැටියා හරි ලස්සනට ඉදිවී ......

මේ මේ පැනල් එක ගමු..මේක කපලා පොඩිවට හදා ගන්න පුලුවන් නේ .මේක හරි සනිපයි, පුලින් ගොඩක් උඩ ඉන්නවා වගෙ දැනෙයි මගෙ පුතුට....

මේ..මේ සුයිටර් එක ගමු..ඒකත් සැහැල්ලුයි... හොදයි නේද අම්මා...

මේ තුවා ජාතිය හොදයි නේද.... ඉක්මනට තේත උරනවා... මගෙ පැටියාට සීතල නැති වෙයී...."

ඒ එයා.... ආපු වෙලාවේ ඉදලා එයා තමා බඩු තෝරන්නේ... අම්මායි මායි බලන් ඉන්නවා...එයා ඉන්නේ හරිම සතුටින් වෙනකොට එයා හැමදේම මගෙ පුතු,මගෙ පැටියා ඒ ආදරෙ දැක්කාම මටත් ලෝබ හිතෙනවා...මේ වගෙ තාත්තා කෙනෙක් ලබන්න රත්තරන් ඔයා කොච්චර පිනක් කරලා ඇතිද.....

" මහත්තයා , බඩු ඔක්කොම හරි නේද...."

" හ්ම්..ඔව්... තව මගෙ රත්තරන්ට බඩුවගයක් ගන්න තියෙනවා... ඔයා අම්මා එක්ක වාහනේ ඉන්න..මම ඒවා අරන් එන්නම්...."

" මාත් එන්නම්...."

" උබට මහන්සි ඇති මගෙ අම්මා., වාහනේට වෙලා නෑ..අර ශොප් එකට යමු.... එන්න...අම්මා...කෝ බෑග් එක දෙන්න... "

මහත්තයා බෑග් එක ගිහින් වාහනේට දාලා ආව වෙනකොට එයා මටටු අම්මාටයි බොන්න ජූස් එකක් අරන් දිලා ගියා වෙනකොට මට එයා නැති නිසා උගුරක්වත් බොන්න හිතුනේ නෑ...එයා ගිහින් මට ඕන කියන බඩු ටික අරන් එනකන් මම මගේ ජුස් එක බොන්නේ නැතුව හිටියා....

" ඇයි යුග් මේ, බීවේ නැත්තේ..."

" පුතා ආවම බොන්නම් කිව්වේ, එයාට බල කරන්න බෑනේ..."

" කෝ ඉන්නකෝ වස්තුවේ , මම ගිහින් මට එකක් අරන් එන්න..."

" එපා, අපි දෙන්නම මේක බොමු , "

Spring Of Life Where stories live. Discover now