" ඉතින් කාන්ති මහත්මිය....එදා ඔබ මොනවද දුටුවේ......"
" මම උදේම ගියා දැහැමි නංගිලාගෙ ගෙදර..මොක්ද එතකොට දැහැමි නංගි දෙවනි අරගෙන එයාගෙ අම්මගෙ ගෙදර ගිහින් හිටියේ... නංගිලගෙ අම්මා අසනිපෙන් නිසා....
දරුවා භාරෙ ඔප්පු කරන්න යවන්න ඕන නිසා මම ගියේ දරුවට උදේ කෑම එක දිලා ඇදුම් ලැස්ති කර ගත්තද බලන්න එක්ක... "
"ඉතින්....."
"ඒ වෙලාව උදේ 7.45යි...වෙලාව හරියටම කිව්වේ මම සෙතික පුතාට නැගිටින්න දැන් වෙලාව හරියටම 7.45යි කියාගෙන ගේන් එලියට ආපු නීසා...
මම එතකොට තමා දැක්කේ දිසානායක මහත්තයා එක්ක ආරාධනා නෝනා වාහනේට නගිනවා...සෙතික ඒ වෙලාවෙ ඇහැරලා ආව නිසා මම ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව එයාගේ මුණ හොදන්න එක්ක ගියා...."
" ඒ ඇයි...."
" දවස් දෙකකට කලින් වතුර කරාමේ කැඩිලා එ ගෙදර ...කොල්ලා පොඩි නිසා වතුර අදින්න බැරි නිසා ලිදෙන්...."
"කාන්ති මහත්මියට හොදටම විශ්වාසද ඒ මේ නෝනාමයි කියලා...."
"ඕ මහත්තයා , මොක්ද ඊට කලින් දවසේ...ඒ කියන්නේ අපෙ ලොකු නෝනා නැති වෙන්න කලින් දවසේ හවස මේ නෝනා ආවේ විල් එකක හන්දියේ ඉදන්.... මාවත් පන්සල හරියෙදි නෝනා ඒ වි එකෙම එක්කන් ආවා...."
"එපමණයි ස්වාමිණී, ඔබය යන්න පුලුවන් "
ආරාධනා .... මාරමම ප්රශ්නයක් නේද වුනේ අක්කේ... මගෙ මහත්තයා වෙව්ලනවා...එයාට කේන්ති ගිහින් ඉන්නේ....ඊලගට විත්ති කුඩුවට එන්න කිවේ මගෙ මහත්තයාට
"තමුන්ගෙ සම්පුර්ණ නම "
"යුගාෂ් පැහැසර දිසානායක "
"මම ඔබගෙ රැකියාව ගැන අහන්නේ නෑ....ඒ ගැන හිතන්න එපා..."
" ඔබ ඇසුවත් මට එය ගැටලුවක් වෙන්නේ නැ."
" එදින ඔබ කොහෙද හිටියේ....."
"කොළඹ...මම උසස් පෙළ ලියන ගමන්......"
"ඔබගෙ මවගෙ වියෝව ඔබට කිව්වේ කවුද.... "
" තාත්තා..."
"මොනවා වෙලා කියලද කිවේ ......"
" නංගි හම්බෙන්න ගිහින් කිව්වා....හොස්පිටල් එකේ දි....."
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤