" එහෙනම් අම්මා අපි ගිහින් එන්නම් ... ගොඩක් වැඩ තියෙනවා . මේ හිතුවක්කාරයා දැන් පවුලක් වුන එකේ එක ගෙදරකට වෙන්න යන්නේ ..ඉතින් දැන් යන්නම් හාද... ඉකමනට එන්නම්...."
එයා අම්මා එක්ක හරි ඕපන්ලි කතා කරනවා..එයා අද ඇත්තටම ජිවත් වුනානම් ...මට බර හුස්මක් පිට වුනේ එයා හිතින් විදවනවා ඇති කියලා හිතුන නිසාමයි...
" අපි යමු...."
" චුට්ටක් ඉන්න "
එහෙම කියපු මම අනේ මන්දා හිතට එක පාරටම ආපු හැගිමක් නිසා ඒ සොහොන් කොතට මම දණ ගහලා වැන්දා .මම හැරිලා එනකොට එයා මන් දිහා අමුතුවට බලන් ඉන්නවා....එයා එක පාරටම හිනා වුනා... ඒ හිනාව හරි ලස්සනයි ....
" අම්මා අපි යනෝ... පුලුවන් වුනොත් , ඒ වාසනාව මට ලැබුනොත් ඊලගට පාර එනකොට මුණුපුරෙක් අරන් එන්නම්...."
මහත්තයා ඇහැක් ගහලා කියනකොට මට කරන්ට් එක වැදුනා වගේ ..දරුවෙක් ....මම මහත්තයා දිහා බැලුවේ මොකක්ද ඒ කිව්වේ කියලා බලන්න.
" බය වෙන්න එපා බන්..විහිලුවක් කරේ. මගෙ අම්මා ආසයි මම විහිලු කරලා හිනාවෙලා ඉන්නවා දකින්න... මේ ජිවිතේ මට හරි බරයි යුග්..."
" ඒ බර ජිවිතේට මාත් බරක් වෙ..."
" ශ්... ඉතුරු ටික කියලා මගේ සැනසිම නැති කරන්න එපා ... මම උබට කිව්වා... උබ මගෙ කියලා ... ඉතින් මමයි ඔයාව හොයාගෙන ආවේ.. ඉතින් තමුසේ බලෙන් ආවේ නෑනේ... මුලින්ම ගෙදරට ඕන කරන බඩු ගමු..අවසානේ වලන් ගන්නයමු... "
" හ්ම්...."
එයා එක්කම වාහනේට ආව මම එයා කියන හැමඑකටම හා කිව්වා විතරයි .. මොකද ඒ ගේ එයාගේ, එයා කියන දේ ඇරෙන්න මට කරන්න වෙන දෙයක් නෑ දැන්...
අපි ආවේ ඇදන් බලන්න... ***** එකට... අම්මෝ මෙතන තියෙන ඩිසයින්... පිස්සු හැදෙනවා... මේ අපේ ගමේ ටවුමේ තැනක නෙවෙයි .. එයා ටිකක් දුර තැනකට ආවේ ..හරියටම කියන්න දන්නේ නෑ..මොකද මම නිදාගෙන හිටියේ...
" යුග්... කැමති ඒවා තෝරන්න... ගෙදර දැන් තියෙන ඒවා අවුරුදු 30,40 ක් පරනයි...ඒවා දැන් හයිය මදි... හ්ම්... තවම අපි අතර මොකුත් නැතු වුනාට ඉදිරියේ වෙන දෙවල් අපිට කියන්න බෑනේ....."
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤