" රත්නපාල මහතා සංසුන්වන්න...මෙය උසාවිය..... ඇය දැන් කොහෙද "
" ඇය ඉන්නවා... දූව මේ නඩුව අවසානේ පෙන්වන්නම්...."
" එතකොට ඔබ පවසනවා අදු මිය ගිය බවට.... ඒ කියන්නේ ඔබේ පුතා මැරුණා කියලා"
"ඔව්... මේ හැමදෙම වුනේ මූ හින්දා... මගෙ නංගී, මගෙ නංගිගෙ දරුවෝ, මම මම මගෙ මේ අත් දෙකෙන් මගෙ නංගිගේ පොඩි දරුවා ඒ වත්තේ වැල්ලුවේ... මහා වැස්සේ....රෑ...
මම සෙතිකට ඒදා කිවා මගෙ පුතා අදු වෙන්න ඕනේ නම් මගෙ නංගිට සාධාරණයක් වෙන්න ඕනේ කියලා..මම මුට අදටත් වෛර කරනවා...මගෙ පවුල විනාශ කරපු එකට. ඔව්... අන්න අර ගැනිව එල්ලුම්ගස් යවන්න ඕන ස්වාමිණී"
ඔව් ඒ මගෙ අප්පච්චි , මගෙ ජිවිතේ අපායක් වුනේ එදා ඉදන්... මම ලස්සන වුනේ මගෙ වැරැද්දකින් නෙවෙයි නේ..මගෙ අප්පච්චි මෙහෙම වෛර කරනවා නම් මගෙ මහත්තයා ගැන හිතන්න දෙයක් නැති වෙයි මට...
මම ඇඩුනා...මම හංගන් හිටපු කදුලු පිටාර ගැලුවා... මට ඕන වුනා කාගෙ හාරි උරහිසක් මගෙ ඔලුව තියා ගන්න...ඒත් මගෙ කළකණ්ණි කමට මට ඒ දේ අද නෑ... මම ඒ නිසාම වෙන්න ඇති මගෙ කුස පිරිමැද්දේ අඩ අඩා...
"ඒතකොට ඔබ පවසන්නේ දැනට සති එක හමාරකට කලින් ගොඩ ගත් බිලිදු මෘත දේහය දිසානායක මහත්තයාගේ දරුවගෙ කියලා..."
" ඔව්..දරුවා නාන කාමරේ බාත් ටැබ් එකේ ඔබලා හිටියේ...මම නිකමට වගෙ කාමරේ බලනකොට....දරුවා මගෙ නංගිගෙමයි කියන්නේ ඒ දරුවගෙ දකුණු අතේ මගෙ වගෙම මගෙ නංගිගෙත් තිබ්බ උපන් ලපේ තිබ්බා.....මේ කාලකණ්නියා ඒ දරුවව මරා ගත්තා....තූ නොදකින් "
මගෙ අප්පච්චි මුළු උසාවිය ඉස්සරා මගෙ මුණට කෙළ ගැහුවා... පොලිසියේ අය එයාව ඇදගෙන ගිහින් ඉන්දුවා වෙනකොට අකේල් මට ලේන්සුව දුන්නා කෙළ පිහද ගන්න...මම බලගෙන මහත්තයා කිසිම හැගිමක් නැතුව මන් දිහා බලන් ඉන්නවා...අම්මා අඩනවා...අම්මා වගෙම කාන්ති නැන්දා ,මරියා අම්මා ...මම එයාලට ලස්සන හිනාවක් දුන්නා... හරියට ජිවිතේ අවසාන වතාවට හිනාවෙන මනුස්සයෙක් වගෙ......
"ගරු ස්වාමිණී රත්නපාල මහත්තයාගේ හැසිරිමට මා උසාවියෙ සිටින සියලු සාමාජිකයන්ගෙන් සමාව අයද සිටිනවා.... මම කැමති නැවත නිර්මලා මහත්මියගෙ ගාතනය දෙසට යන්න.... නමුත් ඊට පෙර පන්සලේ හාමුදුරුවන් ගෙන් මට ප්‍රශ්නයක් අසන්නට අවශ්‍යයි ... අවසර ලැබෙද....."
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤