මට මතක ඒකේ තිබ්බ දේ දැකලා මට ක්ලාන්තේ දැම්මා විතරයි ... මහත්තයා මගෙ මුණට වතුර ගාල නැගිට්ටනකොට තමා මම දැක්කේ තාම අම්මා වුනත් ක්ලාන්තේ දලා ඉන්නේ ඉන්නේ කියලා...
මොකක්ද ඒ කියලාද ඔයාලා හිතන්නේ ..ඔව් ඔයාලා හිතුවා හරි... ඒ තිබ්බේ...සෙනුකගෙ වගෙම රණවීරගේ ඔලුව... ලේ බේරෙන ගමන්.... මට ඒ අස්සේ මතක් වුනේ මගේ මහත්තයා ඒයාට තුවාලද...
" මහත්තයා ..කෝ..ඔයාට කරදරයක් නෑ නේද ....අනේ...කියන්නකෝ..."
" මගෙ මැණික , මම හොදින් රත්තරන් මේ...."
" නිර්මලා , දූ.... කෝ... "
" හ්...ම්....ආ....ඔලුව...."
" අනේ දෙවියනේ පුතේ..මොකක්ද මේ උබ කරලා තියෙන්නේ..."
" ඌ කරේ ඌට කරන්න පුලුවන් හොදම දේ... "
ඒ මිතුන් අයියා... චතුක අයියා ඇවිත් අර ඔලු දෙක ආයෙම ඒ උරේට දැම්මා...
" මේ දෙකේ බොඩි දෙක කෝ...."
" ඒවා සෙටල් කරලා ආවේ.. උබට ඕන වුනේ මෙයාලට පෙන්නන්නනේ දැන් මෙයාලට කරදරයක් නෑ කියලා... දැන් හරි එකේ අපි දෙන්නා මේ වැඩෙත් ඉවර කරලා එන්නද..."
" හ්ම්... මම ලේ ටික පිහන්නම්.. උබලා ඔය දෙක කරන්න තියෙන හොදම දේ දන්නවානේ "
" ඒවා ගැන උබ බය වෙන්න එපා... අනික මූ වුනත් දැන ගන්න ඕන අපි අවුරුදු 10ක් පොල් ගෑවේ නෑ කියලා... මෝඩයා..."
මිතුන් අයියා උරේ අරන් යනකොට මහත්තයා සාලේ මොප් කරා..අපි කාටවත් අතක් තියන්න එපා කිව්වා...ඒකට..අයියලා දෙන්නා එනකන් හිටපු මහත්තයා කතාව ආයෙම පටන් ගත්තා...
" දැන් ඔන්න කරදර හැමදෙම ඉවරයි ..අක්කාට පුලුවන් ලංකාවට ගිහින් ඔයාට ඕන වුන විදිහට වෙර්ඩින් එක ගන්න..."
" මල්ලි උබ මොකක්ද ඒ කරේ ... ඇයි රත්තරන් ඔය අත් වල ලේ ගාව ගත්තේ "
"මම..උබට පිස්සු ද අක්කා.. මම එහෙම කරේ නෑ.. බොරුනම් මුන්ගෙන් අහන්න... උන් දෙන්නාමයි ඒ බෙලි දෙක කපා ගත්තේ... මම කරෙ ලිවර් එක ඇදපු එක විතරයි ..."
"මොකක්ද...."
" ඇයි ඩැඩි ..ඩැඩි හිතන්නේ ඔසිවල උසස් පොලිස් නිළදාරියෙක් මැරිමට තැත් කිරිම සුලුපටු වැරැද්දක් කියලද... අනික ඒකත් ඇල්පා බී ටී ටීම් කැප්ටන් ඩේටා... හ්ම්... ලේසි නෑ නේද... හ්ම්... ඊට වඩා භායානකයි මගෙ හස්බන්ඩ්ට අත තියන්න හදපු එක... මම අතාරි කියලා හිතුවද...හ්ම්...
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤