🍀14🌪️

1.1K 110 16
                                    

' යුග්.. ලැස්ති වෙන්න ස්ටුඩියෝ එකට යන්න..."

" ඇයි ඒ.... "

" පොඩි වැඩ වගයක් තියෙනවා... පාස්පොට් ෆෝටෝ ගහන්න ඔනේ....ඒකෙට ඇප්ලයි කරන්න ඕනා... ගොඩක් වැඩ තියෙනවා.... "

" හ්ම්...එහෙමද.... මට විනාඩි දහයක් දෙන්න... මම ඉක්මනට ලැස්ති වෙලා එන්නම්..."

එයාට වැඩ මතක තියෙනවා... අද මගෙ බර්ත්ඩේ එක ඒක එයාට මතක නෑ.. ඉතින් කාට කියන්නද...ඇහුවොත් කියන්නේ මම එයාගේ පන කියලා... කමක් නෑ ඉතින් ....මම ඉක්මනට ලැස්ති වෙලා පහළට ගියා... චතුක අයියා මිතුන් අයියා එහෙම ඇවිත් එයාලට මට වඩා මතක තියා ගන්න දෙවල් ඇති....

" හරිද .. එහෙනම් උබලා ඒ වැඩ ටික කරගෙන යනවා නම් යන්න... ඉන්නවා නම් හිටපන් අපි එනකන්..."

" ලොකු අයියලා කොහෙ හාරි යන්නද...."

අපි යන්න යනකොට අපෙ පොඩ්ඩි ආවේ මාව හොයන්නද කොහෙද ...

" හ්ම්..ඔව්..ඇයි..හදිස්සියක් ද..."

" අපෙ අයියාව පොඩ්ඩකට ගෙදර එක්කන් යන්නද ලොකු අයියා... අනේ....ඔයා ගේට්ටුව ගාවට එන්න... අප්පච්චි ගෙදර නෑ... ඇත්තමයි  ."

" හ්ම්...යමු... යුග් බබා යන් මම එන්නම්...."

' ඔයා එනවා නේද... බොරු නෙවෙයි නේ..."

" යමු මම එනවා... එහෙනම් බන් අපි යනවා... මතකනේ...කිව විදිහට විතරක් කරපන්...."

" හරි බොක්ක.. පරිස්සමෙන් .... "

එයා මගෙ පස්සෙන් ගේට්ටුව ගාවට ආවා..ඒත් ගෙදරට ආවේ නෑ... අම්මා කිරිබත් හදලා... අනේ මගෙ අම්මා... මම අම්මාට ගිහින් වැන්දා... මට ඇඩුනා.. එදා මහත්තයා මේ ගෙදරට එන එක තහනම් කරපු දවසට පස්සේ ඇස් දෙකට අම්මාව දකින පළවෙනි වතාව...මම අම්මා තුරුල් කරන් ඇඩුවා...

" අඩන්න එපා රත්තරන් ....මගෙ පුතාට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබෙන සුබ උපන් දිනයක් වේවා ...බුදු සරණයි සතුටින් ඉන්න මගෙ පුතේ     "

" අනේ අම්මා... "

" මට දෙන්න පුලුවන් මෙච්චරයි ... ඔයාට හොද මහත්තයෙක් ඉන්නවා මගෙ පුතාට අඩුයි කියන්න තියෙන්නේ එක දෙයයි.ඒකත් ඉක්මනට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..."

Spring Of Life Where stories live. Discover now