" මහත්තයා , මේ තරම් ......"
" මට දාහක් නෑනේ මගෙ රත්තරන් , දැන ඉන්නේ මේ පැටියා විතරයි ..ඉතින් මට දෙන්න පුලුවන් උපරිමේ දෙනවා ...කෝ දෙන්නකෝ මගෙ රත්තරන් අප්පච්චි අතට......ඔයා ගිහින් ටිකක් නිදා ගන්න මගෙ යුග්...."
එයා මගෙ නළලට හාදුවක් තිබ්බේ පුතා අතට ගන්න ගමන් වෙච්ච කොට ගෙට ආවේ හිනෙකින්වත් හිතුවේ නෑ කෙනෙක් ...
" අදූ......."
" ආ....අප්පච්චි ......"
" ඇගට තෙහෙට්ටු ඇතී, අන්න කොළ වතුර එකක් තැම්බුවා..දැන් ඇග හොද ගන්න..රෑ නිසා නාන්න එපා.. හෙට දවල් වෙලා කොළ වතුර වලින් නාමු...."
" අප්....මහත්තයා ..."
" යන්න...."
මම අප්පච්චි ළගට ගිහින් එයාව බදා ගත්තේ අනේ මගෙ අප්පච්චි කියලා....අප්පච්චි මගෙ ඔලුව අත ගෑවේ හරි ආදරෙන් පුංචි කාලේ වගෙම
" මගෙ රත්තරන් ,මගෙ අතින් වුන වැරදි වලට මේ අප්පච්චිට සමාවෙන්න දරුවෝ, උබට දෙන්න බැරි වුණ ආදරේ මම් මගෙ මුනුබුරාට දෙන්නම්....."
" අනේ අප්පච්චි මම තරහා නෑ... මගෙ වස්තුව පුලුවන් නම් ඇහැක් වගෙ රකින්න..මට ඒ ඇතී..."
" හ්ම්..කෝ දැන් අඩන්න එපා.. උබ අඩනවා දැකලා මගෙ බෑනා මාව උල තියයි..කලින් මාව මරන්නේ නැතුව ඇත ඇරියේ නූලෙන්... කෝ මගෙ දරුවා යමුකෝ ඇග හොද ගන්න... අන්න අම්මා උයනවා උණුවෙන් කන්න පුලුවන් ....
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤