අම්මලා අද එනවා...ඒත් මම දන්නේ නෑ හිතේ අමුතු බයක් තියෙනවා... මට හිතා ගන්න බෑ ඒ ඇයි කියලා... මොකක් හාරි නපුරක් වෙන්න යනවා වගෙ හැගිමක් එන්නේ.. හොද හැගිමක් නම් නෙවෙයි
" යුග් ඇයි ඔයා මුණත් අමුතු කරගෙන...."
" මොකුත් නැ මහත්තයා "
" ඒ මොකුත් නැති වෙන්න බෑ..ඇත්ත කියනවා..."
" මගෙ හිතට අමුතු බයක් දැනෙනවා.. නිකන් හොද නැති දෙයක් වෙන්න යනවා වගේ..."
" එහෙම මොකුත් වෙන්නේ නෑ බය නොවී ඉන්නවා ..මම ඉන්නවානේ ..."
"ඔයා කිවට බෑනේ..මගෙ හිත ...අනේ මන්දා... මන් ටිකක් නිදා ගන්නවා..."
" යුග්... කෝ එන්න ළගට..."
මට එන්න කිව්වට මොකො එයාම ළගට ඇවිත් මාව තුරුල් කර ගත්තේ...බය වෙන්න එපා රත්තරන් කියලා නළලට හාදුවක් දෙන ගමන් මයි... එයා කොච්චර කිව්වා වුනත් මේ හිත පිළිගන්න කැමති නෑ... බය නොවි ඉන්න ඕනේ කියලා...එයා කියන්නේම උබට ලොකු කරදරයක් වෙන්න යන්නේ කියලා....
" මගෙ යුග්... අහන්නකෝ එහෙම මොකුත් වෙන්නේ නෑ... බය නොවි ඉන්න... හ්ම්..මම උබව පරිස්සම් කරන්න පුලුවන් හැම දෙම කරනවා...."
"මම දන්නවා... අපි බලමුකෝ...."
" විශ්වාස නැද්ද මාව...."
" එහෙම දෙයක් නෙවෙයි මහත්තයා . ඔයාට හිතන්න බෑ මගේ මගෙ හිතේ දැන් තියෙන හැගිම..ඒත් මට මෙහෙම තුරුල් වෙලා ඉන්නකොට හිතට කිසිම බයක් නෑ... "
" එහෙනම් එන්නකෝ මගෙ බබාව නිදි කරවන්න මගෙ චුටි මැණික "
" ඔයා මාව උර්තල් කරනවාද..."
" ඔයා උර්ත්ල් වෙන්න හදන නිසා කරනවා... "
එයා මාව හරහට වඩාගෙන ගිහින් ඇදෙන් පරිස්සමෙන් හාන්සි කරා...කිසිම නරක දෙයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...එයාට තුරුල් වෙලා ගුලි වෙලා නිදා ගත්ත මම ආයෙම නැගිට්ටේ පහළින් ඇහෙන කට හඩවල් නිසා... මම හිතන්නේ අම්මා ඇවිත් .....
" ආ... අදු නැගිට්ටද දරුවෝ... කෝ ඇවිත් වාඩි වෙන්න මන් ලගින්...."
" ඇයි ඒ... යුග්.. මගෙ ළගට ... අම්මා නෙවෙයි උබේ මිනිහා..මේ මම එනවා මන් ළගට "
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤