එදා රෑ ගිහින් ආව වෙලාවෙ ඉදන් එයා මේ වෙනකන්ගෙදරින් එලියට ගියේ නෑ... එයා මට කන්න කියලා කෑම ජාති ගොඩක් හදලා දෙනවා... ඒත් ඒවා කන්න බෑ මට ..විටමින්. අනේ...ඒවානම් එපා අප්පා... ඒත් පැටියා නිසා ඕන එපැයි...
" යුග්...බබා.... "
" ඕ..මහත්තයා ...."
" මැණික ,හදිස්සියක් වෙලා ay එකට යන්න වෙලා.. මම එනකන් පරිස්සමෙන් ඉන්න .සමහර විට මම ගෙදර එද්දි ගොඩක් රෑ වෙයි...මගෙ යුග් ගෙදර ඉන්නවද..නැත්තම් මාත්..."
" මම ගෙදර ඉන්නම්...නැත්තම් ඔයාට වැඩක් කර ගන්න වෙන්නේ නෑ...මන් දිහා ගලාගෙන ඉදිවී..."
" මගෙ යුග් පරිස්සමෙන් , මම රැපි ආන්ටීට කියලා තියෙන්නෙ... එයා ලන්ච් එක රෙඩි කරයි... මම එනකොට මොනවා හරි අරන් එන්නම්..."
" හ්... පරිස්සමෙන් මගෙ මහත්තයා "
එයා ළගට ඇවිත් මගෙ නළලට හාදුවක් වගෙම තොල් වලට පොඩි හාදු ගොඩක් දිලා ගියා...මගෙ හිතට ආව ක්ශණික සිතුවිල්ලක් නිසා මම ආයෙම ගියේ මහත්තයාගේ ඔෆිස් රුම් එකට....පොතක් කියවන්න... ඒ වගෙම චිට් තියෙනවද බලන්න... කලින් කියවපු දෙකෙම තිබ්බේ නෑ..අද එකෙවත් තියෙයිද කියලා බලමුකෝ...
" ලොකු මහත්තයා කිව්වා පොඩි මහත්තයාට ඔෆිස් රුම් එකට යන්න දෙන්න එපා කියලා..."
" ඈ... ඒ ඇයි....."
"දන්නේ ඈ මහත්තයා ...ඊයේ පුච්චන්න කියලා කොළ වගයක් ගෙනත් දෙන ගමන් තමා කිවේ..."
" පොඩි පොඩි , පාට පාට කොළද..."
"ඔව්..."
" රුපි ආන්ටි ඒවා පිච්චුවද....."
" තාම නෑ මහත්තයා , ඊයේ වැස්ස නිසා බැරි වුනා... දැන් කරන්න ඕනා.."
"නෑ...එපා..ඒ ටික මට දෙන්න..."
" ඒත් .."
" ඒත් නෙවෙයි ..මම ලෙඩ වෙයි... ඒ නිසා දෙන්න...."
" අනේ ... "
මම මුණ දෙක කර ගෙන ඉන්නේ... ඒතකොට දුක හිතිලා හාරි ඒ චිට් ටික මට දෙවිනේ...හිතුවා හරි ..ගෙනත් දුන්නා...මට ඕන එයා ඒවගෙ ලියලා තියෙන්නේ මොනවද කියලා දැන ගන්න....මම ඒ චිට් ටික කරන් ආවේ රූම් එකට... ඇවිත් දොරත් වහා ගත්තේ හදිසියේ වත් එයා එවි කියලා ....
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤