" යුග්.. බබා.. නැගිටින්න ..කෝ... "
" අනී.. දෝ මතයි අප්පා.. තව චුට්ටක් ඉන්නම්කෝ අනී..."
" බබා.. හුරතල් වෙන්න එපා.. කෝ කෝ.. දැන් නංගී කෝල් එකක් ගනි දැන්.. කෙල්ලට විශ් කරන්නේ නැද්ද.. එක්සැම් එකට "
" අනේ.. මම වෙනුවට ඔයාට බැරිවෙයිද ... "
" යුග්..."
" අපෝ හා.. ඔයා මට දැන් ආදරේ නෑ .. ඒකනේ.. කෝ අයින් වෙන්න.. "
අද නංගි සාපේ ලියන්න වාඩි වෙනවා.. දැන් බඩට මාස හයක් වෙනකොට අපි දෙන්නා මැරිකරලා අවුරුද්දක් පහුවෙලා.. මේ අවුරුද්දේ මොනවද නොවුනේ කියලා මම කල්පනා කරේ..
" ඒයී ..යුග් ඔහොම ඉන්නවා.."
" ඇයි දැන්... "
" ඒ තමුසේගේ නංගී.ඉතින් තමුසේ කතාකරන්න ඕනේ නේද... මම තමුසේට ආදරෙ නොකර කාටද ආදරෙ කරන්න ඕනී.. ආ...කියනවා..."
" හ්ම්.. මගේ විතර ද මගෙ මහත්තයා "
" නෑ.. මගෙත් නංගි ...ඒත් ඔයා දන්නවා මම එයාට වැඩිය කැමති නෑ කියලා.. "
" හ්ම්.. මම ඒක ඔයාගෙන් අහන්න කියලා හිටියේ.. ඔයා කලින් වැඩිපුරම හෙව්වේ එයා ගැනනේ.. ඒත්..."
" අන්න කෝල් එක එනවා ආන්සර් කරලා ඉන්න.. "
එයාගේ ඒක ගැන අහන්න යනකොටම නංගී කෝල් එක ගත්ත.. එයාට විශ් කරාට පස්සේ මහත්තයා නංගිට කතා කරා.. එයා ඒ කතා කරන වෙලාවේදි කරේම මගෙ කුස හරි ආදරෙන් පිරි මැදපු එක .. හාදු තියපු එක...
" දැන් නිදා ගන්න.. ඔයාට නිදි මතයි නේද යුග්.. කතා කරලා ඉවර එකේ.. හ්ම්.. "
" බෑ.. කතා කරන්න ඕනේ "
" ඇයි දැන් ඩෙගා නැතුවේ මම ආදරේ නෑ.. අරකයි මේකයි කියලා , දැන් නිදා ගන්න.."
" මහත්තයා ... මට කියන්නකෝ ඒ ඇයී කියලා.."
" මොනවද..."
" ඔයා අපේ නංගිට කැමති නැති වුනේ..."
" එහෙම දෙය නෑ.."
" කියන්නේම නෑනේ නේද.. හා..එපා නොකියා ඉන්නකෝ..."
මම එයාට ගස්සගෙන ආවේ කුස්සියට වෙනකොට මිතුන් අයියාලා දැන් නිදා ගෙනඇත්තේ. මම ආවේ කිරි එකක් හදා ගන්න.. නිදි මතක කෙසේ වෙතත් දැන් නොසැහෙන්න බඩගිනි වෙනවා...
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤