"එහෙනම්.බන් අපි ගියා දෙන්නා පරිස්සමෙන් එන්න..."
" හ්ම්...මේ බන් චතුකයා.... මිතුමා... "
" හ්ම් කියපන්...."
" ගොඩක් රෑ වෙන නිසා යද්දි මගින් කන්න දිලා එක්කන් පලයන්... මොනා වුනත් ආන්ටි පව්... අනික කාන්ති ආන්ටි වුනත්..."
'හරි මචෝ...අපි බැලන්ස් කරන්නම්... උබ කොල්ලා එක්ක පරිස්සමෙන් වරෙන්... "
" සල්ලි ...."
" හු# ගන්නේ නැතුව හිටපන්... අපි ගාව තියෙනවා...අනික ඉතින් මදි වුනොත් ඔන්ලයින් එවපන්... යන්නම් සුද්දා... යුග්...දැන්වත් හරියට කාලා වරෙන් .... "
" අනේ අයියා...."
මිතුන් අයියා මට ඇහැක් ගාහගෙන ගියේ හෙට සෙට් වෙමු කියලා වෙනකොට .මම මහත්තයා එක්ක එයාගේ කා එකේ ගෙදර එන්න ආවා... ආවා කිවට අපි ආපිට සෙල්ල කතරගමට ආවා....
" මහත්තයා .....මෙහෙට ආයේ ආවේ..."
"පොඩි වැඩකට...."
" හ්ම්..."
"කෝ එන්න යන්න...."
එයා මගින් මල් අරගෙන අපි දෙන්නම් දේවාලය ඇතුල් වුනා... මම උදේ එද්දි තිබ්බ හිස් හැගිම දැන් නෑ..මගෙ මුලු හිතම පිරිලා වගේ.... ආ මම එයා නැති නිසා පිලිහුඩු මොකුත් කෑවේ නෑ...බලන් යද්දි එයාත් කාලා නෑ... හී...
" එන්න යුග් බබා... "
" මහත්තයා ...."
" මේ තොටිල්ලේ එක පැත්තකින් අල්ල ගන්න.. මාත් එක්ක එකම පැත්තට පද්දමු... "
" අපි දෙන්නා ... මේ තොටිල්ල පද්දන්නද යන්නේ..."
" හ්ම්... ඔව්...
දෙවියනේ මගෙ හිතෙ තියෙන්නේ එක බලාපොරොත්තුවක් විතරයි ...ඒ මටයි මගෙ යුගාෂ්වරටයි කොලු පැටියෙක්...අපෙම පුතෙක් ලැබෙන්න කියලා විතරයි ..අපේ ඒ ප්‍රාර්ථනාව ඉටු කර දෙන්න දෙවියනේ... ඔබට බොහෝ පින් අයිති වේවි සංසාර ගමන නිමාවේදි නිර්වාණය සාක්ශාත් කර ගන්න..."
මේ මගෙ මහත්තයා ද...හිතා ගන්න බෑ...එයා හරි පුදුමයි ...මේ ආපිට ඇවිත් තියෙන්නේ පුතෙක් ඉල්ලන්න... අනික දෙවියන්ට පින් දෙන විදිහ .මාත් තොටිල්ල පද්දලා එයා එක්ක එකතු වෙලා දෙවියන් වැන්දා....මට දවල් මේ තැන මග ඇරුනාද කියලා හිතුනා... අනික තනියෙම තොටිල්ල පද්දන්න හොද නෑනේ....
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤