" උබ හිතන්න එපා ..මේක මෙතනින් ඉවරයි කියලා....."
" හරි හිතන්නේ නෑ... පලයන්කෝ වදයක් නොවී....උබ විශාල කරදරයක් වුනා නේ..."
හිරුන් අයියා එලියේ ඉදන් කෑ ගහාගෙන යනකොට මගෙ මහත්තයා කාමරේ ඉදන් කෑ ගහනවා....මටෛතින් හිනාත් යනවා...
" උබ මොකද හිනා වෙන්නේ..."
" මොකුත් නැ මහත්තයා ,නිකන්...."
මම බිම බලා ගත්තා... මට බයයි... එයාගෙයි මගෙයි අතර දැන් තියෙන්නේ කොයි වගෙ සම්බන්ධයක් ද කියන්න මම තාම දන්නේ නැති නිසා...එයා කිවේ සමාව දුන්නා නැතා මහත්තයා කියලා විතරයිනේ .
" ඇයි බිම බලාගෙන ..උබ හරි ලොකු වැඩනේ තනියෙම කරේ... මෝඩයා , ඒවා කරද්දි තිබ්බ ධෛර්ය කෝ දැන්... ආ...."
" මහත්තයා .... මට සමාවෙන්න මම ඒ දෙවල්...."
" අනේ උබේ සමාව තියා ගනින් බන්... ගිහින් ඔය ඇදුම් මාරු කර ගනින් මගෙ පැටියට මහන්සි ඇති..... "
"හ්ම්...."
" ඒ...ඔහොම ඉන්නවා... නා ගන්න ගියාට කමක් නෑ... අඩන්න බෑ උබට... උබට අඩන්න කල් තියෙනවා... දැන් හිනා වෙලා හිටපන්..."
මම ඔලුව හොල්ලලා නා ගන්න ආවා... එයා අඩන්න එපා කිව්වට මට අද උසාවියේ දි වුන හැමදෙම එක දිගට මතක් වුනා..අප්පච්චි මගෙ මුණට කෙළ ගැහුව විදිහ ....එයා මටහෙණ ඉල්ලුව විදිහ ...මම මහා කාළකණ්ණියෙක් ....මහත්තයා වුනත් මට මෙහෙම සළකන්නේ දරුවා හම්බෙනකන් විතරක් වෙයි.....
මම අඩ අඩා ඉන්නකොට එක පාරටම බාත් රූම් එකේ දොර ඇරෙන්න ආවේ මහත්තයා .. එයා මන් දිහා රවාගෙන බලාගෙන ඉන්නවා....මට එයා ඉස්සරා අමු නිරුවතින් ඉන්න දැන් හිත දෙන්නේ නෑ... මම ඉක්මනට තුවාය ඉනේ පටලා ගත්තා...
" මොකද මේ...මම තමුසේව නා ගන්න එව්වේ අඩන්න එපා කියලා නේද... ඇයි උබ කියන දේ අහන්නේ නැත්තේ ආ... හ්ම්."
" හිතලා ඇඩුවේ නෑ... මහත්තයා ...ආ.....ව්....අනේ....රිදෙනවා මහත්තයා "
එයා මගෙ අත් ගොබෙන් ඇදලා එයා ලගට ගත්තා...එයා බාත් තැබ් එකේ ඇන්දේ වාඩි වෙලා හිටියේ...
" රිදෙන්න තමා ඇල්ලුවේ... හ්ම්... උබ ඇයි දැන් අඩන්නේ ...."
" රිදෙනවා මහත්තයා "
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤