🍀28🌪️

511 71 31
                                    

මම හිතන්නේ මට හිරුන් අයියා එක්ක අඩි දහයට වඩා යන්න බැරි වුනා.... එක පාරටම පිටි පස්සෙන් ආව අතක් මගෙ අතින් අල්ල ගත්තා... ඒ වගෙම හිරුන් අයියා මගෙ අත අල්ලන් හිටිය තැනින් චතුක අයියා ඇවිත් අපි දෙන්නාගෙ අත් දෙක ඈත් කරා.....මාව අල්ලන් ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි මහත්තයා .....

" මූ යන් කිව්වාම මූ එක්ක ඔහොම යනවද .... ආ..... "

" යුගාෂ් .... කොල්ලාට බනින්න ලැස්ති වෙන්න එපා...."

කටකොනින් හින වුනු මහත්තයා මගෙ කට දෙපැත්තෙන් මිරිකලා අල්ල ගත්තේ මම හිතුවේවත් නැති විදිහට...

" මම උබෙන් දෙයක් ඇහුවා.... හ්ම්...අනික උබ හිරුන් පාඩුවේ හිටපන් .... මේක හස්බන්ඩ් ඇන්ඩ් හස්බන්ඩ් අතර ප්‍රශ්නයක් ....."

" පුතා පැහැසර ..මේක උසාවිය ...අපි ගෙදර යමු... "

" ඔව් මල්ලී, අර ඇන්ද්‍රියාත් ඇවිත්...."

" ගිහින් නැගපන් කා එකට.... මිතුන් ඔන්න ඔය මහා ලොකු අනුන්ගෙ දුක් ගන්න අයියට කියපන් අපෙ ගෙදරට එන්න කියලා...මගෙ මිනිහගේ බඩු ටික අරන් යන්න....ගිහින් නැගපිය කා එකට....අන්න අර මගුලත් එක්කන් වරෙන් ගෙදරට .... "

එයා මගුල කිව්වේ එයා බදින්න ඉන්න කෙනාට... එයා මාව වාහනේට නග්ගන් එන්න ආවා...ඔව් අපි දෙන්නා විතරක්... අම්මා නම් තාත්තාට සමාව දිලා තිබ්බා...මම ගෙදරට එන්කන් කලේ ෂටර් එකෙන් එලිය බලාගෙන ආව එක විතරයි ....එයා අඩුම මාත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ...

එයා මගින් නවත්තලා කඩේකට ගියා... මල්ටී ෂොප් එකක් වගේ...විනාඩි 20කට පස්සේ විතර එයා ආවා...හැබැයි අතේ මොකුත් නෑ... එයා සාක්කුවේ තිබ්බ වොලට් එක අරන් මගෙ ඔක්කේට දැම්මා...වචනයක්වත් නෑ... මට මේක බලන්න කියනවද... නැත්තම් අල්ල ගන්න කියනවද කියන්න මට තේරෙන්නේ නෑ...

මම ඒ වොලට් එක අතේ තියා ගත්තා මිසක් බලන්න ගියේ නෑ... අපි ගෙදර එනකොට කට්ටියම ගෙදර ඇවිත්...හිරුන් අයියා පාරේ... දිනු අක්කා පව්... එයාට ගොඩක් දුක ඇතී... ඒත් අදින් පස්සේ හැමදෙම හරියයි....

" මල්ලි ගේ හරිම පිළිවෙලට ලස්සනට තියෙනවා ඕයි.... කවුද ගේ මේ තරම් හොදට බලා  ගත්තේ... "

Spring Of Life Where stories live. Discover now