🍀 42🌪️

993 106 12
                                    

" මහත්තයා , කෝ දැන් ඇති නේද... මායි පුතුයි දැන් හොදට ඉන්න නිසා බය වෙන්න එපා... මේ බලන්නකො පුතු පැටියත් කියනවා අප්පච්චි අඩන්න එපා කියලා... මේ අනේ..."

එයා ආපු වෙලාවේ ඉදන් අඩනවා... මට තෙරෙන්නේ නෑ එයාව සනසන්න.. මම මොකක්ද කරන්නේ...එයාට කිව්වට වැඩක් නැති නිසා මම වොශ් එකක් දා ගන්න ආවා... මම වොශ් එකක් දාගෙන යනකමුත් එයා වාඩි වුන තැන ඒ විදිහට ම වාඩි වෙලා ඉන්නවා... අනේ රත්තරන් ... මතත් දැන් ඇඩෙන්න වගේ...

" මහත්තයා ....."

මම ඇදුම් මාරු කරන්න යනකොට එයා ඇවිත් මගෙ බද වටෙ අත දලා එයාගෙ පපුවට තුරුල් කර ගත්තා...

" යුග්... උබට ගොඩක් පින් රත්තරන් මගෙ පැටියා පරිස්සමෙන් කර ගත්තාට... ඇත්තටම උබට ඉව තියෙනවද මගේ මැණික ...."

" මට ඉව නෑ... අපි දෙන්නා පරිස්සමෙන් වුනේ ඔයා නිසා මගෙ මහත්තයෝ...."

මම එහෙම කියන ගමන් එයාගේ පැත්තට හැරිලා එයාගේ ඒ විසල් පපුවට හාදුවක් තිබ්බා ....

" මම... මම ඒ වෙලාවේ ගෙදර හිටියේ නෑනේ ..."

" ඒක තමා කියන්නේ... ඔයාමනේ කිව්වේ ඔයා නැති වෙලාවට කවුරු දුන්නා වුනත් කන්න බොන්න එපා කියලා... ඉතින් ඔයා හිටිය නැති නිසා මට කිරි එක බොන්න හිතුනේ නෑ ..

ඇත්තටම ඔයාට තරහා ගිහින් මට බැනුම් අහන්න වෙයි කියලා... අම්මාගේ හිත රිද්දන්න බැරි නිසා මම ඒක හැලුවේ..."

" උබේ මහත්තයා හරි අසරණ වෙලා යුග්... මගෙම අම්මා...මගෙම අම්මා... වෙන කවුරුත් නෙවෙයි ..ඇයි මටම මෙහෙම වෙන්නේ... උබව මට නැතුව ඉන්න බෑ රත්තරන් ...

බලපන් ඇල්ෆා බී ටී ටීම් එකේ කැප්ටන් අද මොකෙක්දෝ එකෙක් වගෙ අඩනවා බන්... උබට හිතා ගන්න පුලුවන් ද මේ මහත්තයා උබට කොච්චර ආදරෙයි ද කියලා... "

" අහන්නකෝ රත්තරන් ... මේ ලෝකෙ ඉන්න හොදම මහත්තයා ඉන්නේ මට... හ්ම්..මම සතුටින් ඉන්නේ ඔයා එක්ක... ඒ නිසා අඩන්න එපා... අපෙ පුතු හොදින් ඉන්නේ...කෝ ඉන්නකෝ ඇදුමක් දා ගන්න කන්..."

" එපා... ඔහොම ඉන්න... මේ හිතේ ගින්දර නිවා ගන්න කම්..."

එයා එහෙම කියන ගමන්... මාව වඩාගෙන හින් ඇදෙන් පරිස්සමෙන් ඉන්දුවා... එයා මාව ඒ පපුවට තුරුල් කරන් නිදා ගත්තේ උබත් එක්ක ගෙවෙන හැම තප්පරෙම මට නොසැහෙන්න වටිනවා...

Spring Of Life Where stories live. Discover now