33

114 23 35
                                    

Midum's pov

මට හීනෙන් වගේ දැනුණේ මගේ කම්මුල හරියට බල්ලෙක් ලෙව කනවා වගේ ෆීලින්ග් එකක්. ඒත් මට බල්ලෙක් නෑ නේ. එතකොට මට ඒ දැනෙන දේ මොකක්ද?

කිසි ම දෙයක් හිතාගන්න බැරි තැන මං එකට ඇලිලා තියෙන ඇස් දෙක ටිකෙන් ටික විවෘත කරන්න උත්සාහ කළා.

එන්න එන්න ම මට ඒ හැඟීම හරි තාත්වික විදිහට ෆීල් වෙන්න ගත්ත නිසා මං තේරුම් ගත්තා මං මේ හීනයක් දකිනවා නෙවේ කියලා. ඇත්තට ම මගේ වම් කම්මුලේ මොකක් හරි ඇතිල්ලෙනවා කියලා මට ස්ථීරෙට ම කිව්වැහැකි.

මං තවත් ටිකක් වෙර දාලා කොහොම හරි අවසානයේදි මගේ ඇස් දෙක ඇරගත්තා.

පොඩ්ඩක් ඉන්න බලන්න. ඒ ගගන නේ !!

මට මෙච්චර වෙලා දැනිලා තියෙන්නේ බල්ලෙක්වත්, වෙන මොකෙක්වත් නෙවේ. ඒ ගගන මගේ කම්මුල උඩින් තද කරගෙන ඉන්න එයාගේ තොල් දෙක කියලා තේරුම් යද්දි මගේ ඇස් දෙකත් ඉබේට ම ලොකු වුණා.

"ගුඩ් මෝර්නින්, මගේ පණ. මං ඔයා ව නැගිට්ටුවාද?"

ගගන මගෙන් මිලිමීටර පහක් විතර ඈත් වෙලා එහෙම අහලා පුංචි හිනාවක් එක්ක ආයෙමත් එයාගේ තොල් මගේ කම්මුලේ ගාවන්න පටන් ගත්තා. මේ පාර නම් එයා ඒක කරාපු විදිහට මට කිචි වගේ දැනුණ නිසා මං යටි තොල හපාගෙන හිනා වෙන ගමන් යන්තම් එහාට මෙහාට ඇඹරෙන්න ගත්තා.

මං කොහොම නම් කියන්නද මට දැනෙන හැඟීම.

මං අදහස් කරන්නේ එයා මාව ඉඹින එක ගැන විතරක් නෙවේ. මේ විදිහට උදේ නැගිටිද්දි එයා මගේ ගාවින් ම ඉන්න එක ගැන. හැමදාමත් මට මේ විදිහට ගගනගේ හාදුවක් එක්ක නැගිටින්න තියෙනවා නම්, සත්තයි මං දෙවියන්ගෙන්වත් මං වෙනුවෙන් වෙන කිසි ම දෙයක් ඉල්ලන්නේ නැහැ.

"පණ? ඔයා මීට කලින් මට ඔහොම කතා කරලා නෑ නේ."

මං නිදිමත බේරෙන කටහඬින් අහද්දි ගගන ටිකකට මගෙන් තොල් අහක් කරගෙන එයාගේ අතක් මගේ ඉණ වටේ පටලවගත්තා.

"කමක් නෑ. අද ඉඳන් එහෙම කතා කරන්නම්කෝ. ඒක නෙවේ.. මීදුම්ගේ උදේ නැගිට්ටහම තියෙන කටහඬ මාර ම හොට්. මගේ ඇඟේ හිරිගඩුත් පිපුණා ඒකට."

ගගන මීදුම් | non fiction ( Taekook ) | (Ongoing)Where stories live. Discover now